ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න
ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බපෑම අවම කරගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.