පැරිසියෙන් ගෙනා කෝටි තුනහමාරක රත්‍රං රේගුවේ හිර වෙයි
පැරීසියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (27) අළුයම පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් රත්තරන් තොගයක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.