බගවන්තලාව ශාන්ත මේරිස් විදුහල ගිලා බැසීමේ අවදානමක? “දිට්වා” සුලි කුණාටුවත් සමඟ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක් කර ඇත. 11 December 2025
අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) පස්වරුවේ පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි . 09 December 2025
අවතැන් වූවන්ට සහන අරන් නාමල් නුවරඑළියට ’’දිට්වා’’ සුළි කුනාටුව හේතුවෙන් අවතැන් වූ පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය සහ අවතැන් වූ පවුල්වල ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් නාය ගිය ස්ථාන සියල්ල ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ’’ආදරය’’ මැයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල රේන්ද පොළ නානුඔය සහ කොත්මලේ කේන්ද්‍ර කර ගනිමින් අද (08) පැවැත්විණ. 08 December 2025
පුතාව තාත්තා බදාගෙන එහෙන්මම මැරිලා .අපේ අතින් බොඩීස් 9 ක් ගත්තා.කවුරුහරි බැලුවා නම් අපිව බේරා ගන්න තිබ්බා 08 December 2025
ඇයි දැනුවත් කළේ නැත්තෙ ?බේරගන්න කියලා කෑ ගැහුවා . දැන් ගම්පොළක් නෑ. ඩෑම් එක හිස් කරලා නම් මෙහෙම වෙන්නේ නෑ 08 December 2025
නුවරඑලිය ගොඩනගන්න ලොකු පිරිසක් එක් වෙයි නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය නගරය, හාවා එළිය ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. 06 December 2025
නුවරඑළියේ ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂෘව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබු එළවලු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩ වලින් වැසී යෑම හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ එළවලු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 06 December 2025
ජීවිත 14ක් බිලිගත් නාවලපිටියේ නාය යාම | ගුවන් දර්ශන පසුගිය දා නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමෙන් මියගිය 14 දෙනාගේ මළ සිරුර ගොඩගෙන මේ වන විට භූමදානය කර ඇත. 05 December 2025
’’අපහසුතාවක් නොවන ලෙස ශ්‍රීපාද වන්දනා සමය සිදු කරන්න’’ මෙවර ශ්‍රීපාද වන්දනාවාරය මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ. 05 December 2025
ආපදවලින් සිදු වූ මරණ වල භූමිදාන කටයුතු සභාවෙන් ගම්පොළ නගර සබාවේ සභාපති WMP ඉරුක් මිහිරාන් 03 December 2025
පූර්ව දැනුම් දීම සිදු වුණේ නෑ... නැති වූ අයව ෆොටෝ පෙන්වමින් හොයනවා ගම්පොළ ගංගාරාම විහාරස්ථානයේ විල්ගමුවේ විමලසාර හිමි 03 December 2025
කුණාටුවෙන් පසු මෙරට සංචාරයට ආ දැවැන්තයා මෙරට ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රී ලංකාව නැවත යථා තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්නුම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්‍රථම වතාවට මේන් ෂිෆ්ට් 06 සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (02) කොළඹ වරායට සේන්දු විය. 03 December 2025
ගංවතුරට කොටු වූ විදේශිකයන් 21ක් ගුවන් හමුදාව බේරාගනියි නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝනයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ඊයේ (1) සවස බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කදවුර වෙත බාර දුන් බව ගුවන් හමුදාව පවසයි. 02 December 2025
ගංවතුර අස්සේ ගෑස් සගවලා පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙළෙන්දෙකු සතුව ප්‍රමාණවත් තොග තිබියදීත්, ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය නිලධාරීන් විසින් හැටන් දික්ඔය නගරයේ හදිසි වැටලීමක් ඊයේ (01) දින සිදුකරන ලදී. 02 December 2025
පස් කන්දට යට වූ එකම පවුලේ සිව් දෙනා සොයා මෙහෙයුම් පසුගිය දා කදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් ඊයේ (01) දින මෙහෙයුමක් දියත් කලහ. 02 December 2025
හැටන් -කොළඹ පාර පැත්තක් අරී පැවති අයහපත් කාළගුණයත් සමග පස්කඳු කඩාවැටීම නිසා අවහිරව තිබූ හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගය දින පහකට පසු එක් මංතීරුවක් අද දහවල් විවෘත කළේය. 01 December 2025
හැටන් කොළඹ මාර්ගයේ පස් කදු ඉවත් කිරිම කඩිනම් කරයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිම කඩිනම් කිරිමට පියවර ගත් බව හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීස් වීරසේකර මහතා පැවසීය. 01 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026