IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඩයලොග් සමාගම මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අරඹයි

 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා  කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟවීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය සිවිල් ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබේ. සුව සේවාවේ නිරත පිරිස් ජීවිත බේරාගැනීම හා සම්බන්ධව සිදුකරන සෘජු ක්‍රියාකාරකම්වලට සහාය වී, COVID19  රෝගීන්ට පමණක් නොව දීර්ඝකාලීනව දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් සියලුම රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. 

 

ඩයලොග් ආසිආටාහි  මූල්‍ය දායකත්වයෙන් සිදුවන සිවිල් ප්‍රතිසංස්කරණ සහ දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ  වෛද්‍ය දැඩි සත්කාර ඒකකයකින්(MICU) සහ ශල්‍යාගාර දැඩි සත්කාර ඒකකයකින් (SICU) සමන්විත අංගසම්පූර්ණ දැඩි සත්කාර සංකීර්ණයක් ස්ථාපනය කිරීමට කටයුතු කෙරෙන අතර, දැනට ඇඳන් 4 කින් සමන්විත එම වාට්ටු සංකීර්ණය ඇඳන් 10 ක් දක්වා වැඩි කරමින් නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර උපකරණ වලින් පරිපූර්ණ කිරීමටද පියවර ගැනේ. ඩයලොග් ආසිආටා විසින් රෝහලේ දැඩි සත්කාර පහසුකම් ප්‍රතිෂ්ඨාපනය   හරහා පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරුන්ට දැඩි සත්කාර සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීම සඳහා පහසුකම් සැලසීමටත්, බරපතල තත්වයෙන් පසුවන රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පීඩනය අවම කිරීමටත්, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කරමින් රෝහලට ඇතුළත් කරන අසාධ්‍ය තත්වයේ රෝගීන්ගේ දිවි ගලවාගැනීමේ අවස්ථා දීර්ඝකාලීනව ඉහළ නැංවීමටත් මහෝපකාරී වේ.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය නිහාල් වීරසූරිය, “මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මේ අවස්ථාවේදී කොරෝනා රෝගය මැඩලීමේ විශේෂිත රෝහලක් විධියට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර තිබේ. කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානමක්  තිබෙන කලාපයක පිහිටා ඇති මෙම රෝහල මේ අවස්ථාවේදී රෝගීන් වෙනුවෙන් විශාල සේවයක් සිදුකරමින් පවතී. මේ අවස්ථාවේදී අපේ රෝහලේ දැඩි සත්කාර ඒකකය ගැන කතා කරන විට දැනට දැඩි සත්කාර ඒකකය ඇඳන් 4 කින් සමන්විත ඉතා කුඩා පරිශ්‍රයක් තුළ පිහිටා තිබේ. මේ අවස්ථාවේදී ඩයලොග් ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයත් සමඟ එක්වී අපේ රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවත සක්‍රිය තත්වයට ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව ඉතාමත් කෘතගුණපූර්වකව සිහිපත් කරනවා. මෙම කඩිනම් ප්‍රතිසංස්කරණය තුළින් සිදුවන දැඩි සත්කාර ඒකක සංවර්ධනය හා යාවත්කාලීන කිරීම නිසා දිගුකාලීන වශයෙන්  මහජනතාවට ඉදිරියේදී වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකිවේ යැයි මම විශ්වාස කරනවා.”

මීගමුව මහා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දු මේ පිළිබඳව අදහස් දක්වමින්, “දැඩි සත්කාර ඒකකයක් කියන්නේ බොහෝ විට සෘජුවම ජීවිතය බේරගන්න තැනක්. යමෙකුට හුස්ම ගැනීමේ අපහසුවක් හෝ හෘදය අකර්මණ්‍යවීමක්  හෝ ඒ හා සමාන බරපතල ජීවිත තර්ජනයක් ඇති විට, ශරීරය වෙනත් ඖෂධ වලින් යථා තත්වයට පත් වන තුරු ඔවුන්ට ජීවත්වීමට සහාය වීම සඳහා දැඩි සත්කාර ඒකකයක් සහ කෘතිම ශ්වසන උපකරණ වැනි විශේෂිත උපකරණ අවශ්‍ය වේ. දැඩි සත්කාර ඒකකයක සහායෙන් මිනිසුන්ගේ ජීවිතවල විශාල වෙනසක් ඇති කරන්න අපිට හැකියාව ලැබෙනවා. අපේ දැඩි සත්කාර පහසුකම් සංවර්ධනය කරමින් අපට වැඩි වැඩියෙන් රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඩයලොග් ආයතනයට මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මෙසේ පැවසීය, “රටේ දැඩි සත්කාර පහසුකම් සහ සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා වැඩි අවශ්‍යතාවයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා  කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට අපි ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. එහි පළමු අදියර යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සුව සේවාවේ නිරත පිරිස් ජීවිත බේරාගැනීම සම්බන්ධව සිදුකරන සෘජු ක්‍රියාකාරකම්වලට සහාය වී, COVID-19 රෝගීන්ට පමණක් නොව දීර්ඝකාලීනව දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් සියලුම රෝගීන්ට, දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින් සතුටට පත්ව සිටිනවා.”

 



අදහස් (0)

ඩයලොග් සමාගම මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 874 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site