IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘සෝවියට් සමයේ අවසන් කාලය මෙන් රට පාලනය කරන්න අවශ්‍ය නෑ‘‘

සෝවියට් සමයේ අවසන් කාලය මෙන් රට පාලනය කිරීමට තමන්ට අවශ්‍ය නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශාන්ත පීටර්ස්බර්ග්හිදී ප්‍රකාශ කළේය.

සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවසන් කාලයේදී එරට පාලකයන් තමන්ගෙන් පසු රටේ පාලකයා ලෙස පත්වන්නේ කවුදැයි යන්න සම්බන්ධයෙන් තීරණයක් හෝ උපායමාර්ගයක් හෝ නොමැතිව දිවි අවසන් වනතුරු රට පාලනය කළේය.
ශාන්ත පීටර්ස්බර්ග්හිදී දෙවැනි ලෝක යුද්ධයේ විරුවන් හමුවෙමින් රුසියානු ජනාධිපතිවරයා ඊයේ (18) ඒ බව පැවැසීය.

රුසියානු ජනාධිපතිවරයා ඉකුත් දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි ප්‍රකාශ කළ අතර ඒ අනුව ඊට ඉඩ දෙමින් අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රමුඛ ආණ්ඩුවම ඉල්ලා අස්විය.

ඉන් අනතුරුව සියලු දෙනා පුදුමයට පත් කරමින් ජනාධිපති පුටින්, රුසියාවේ ෆෙඩරල් බදු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිහායිල් මිස්හුස්ටින් නව අග්‍රමාත්‍යවරයා ලෙස පත් කළේය. නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලට පත්වන්නේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් රුසියානු ජාතිකයෝ දැන් විමසිල්ලෙන් බලා සිටිති.

පුටින් ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට අනුව ජනාධිපති ධුරයට පිටින් බලතල ඇති තනතුරු කිහිපයක් ස්ථාපිත කෙරෙනු ඇතැයි පැවසේ. මෙම සංශෝධන පුටින් 2024 දී ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය පසු තවදුරටත් බලය අල්ලාගෙන සිටීමට ගන්නා උත්සහායක් යැයි ද කියැවේ. ඔහු දශක දෙකක් මුළුල්ලේ රුසියානු දේශපාලනය යටත් කරගෙන සිටින අතර එක් අවස්ථාවකදී අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවීය. හෙතෙම 2000 වසරේ සිට 2008 වසර දක්වා ධුර කාල දෙකක් ජනාධිපති ධුරය හෙබ වූ අතර 2012 වසරේ තෙවැනි වරට ජනාධිපති ධුරයට පත්විය. නැවත 2018 වසරේදී සිවුවැනි වරට ජනාධිපති ධුරයට පත්විය.

හිටපු කේ.ජී.බී. (සෝවියට් සමූහාණ්ඩුව සමයේ එරට ප්‍රධාන ආරක්ෂක ආයතනය) නිලධාරියකු වන පුටින් සිය ධුර කාලය අවසන් වීමෙන් පසුත් බලය අල්ලාගෙන සිටීමට උත්සාහ කරන්නේ යැයි ඇතැම් පිරිස් චෝදනා කරති. රුසියාව ලොව විශාලතම රට වන අතර න්‍යෂ්ටික බලවතුන් පස් දෙනාගෙන් එක් අයෙකි. ජනාධිපති පුටින් මේ වනවිට 67 වන වියේ පසුවෙයි.

‘ලෙනින්ග්‍රැඞ්’ මුදා ගැනීමේ යුද ජයග්‍රහණයේ 77 වැනි සංවත්සරයට එක්වෙමින් පුටින් ‘ජනාධිපති ධුරය’ සම්බන්ධයෙන් එසේ අදහස් දැක්වීය. ජනාධිපති ධුරයට තිබෙන ධුර සීමා ඉවත් කිරීමට කාලය නෙවේදැයි එහි සිටි යුද විරුවෙක් පුටින්ගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපති පුටින් “ජනාධිපති ධුරය, විශේෂයෙන් ධුර සීමාව සහ බලයේ රැඳී සිටීම බොහෝ දෙනකුට සම්බන්ධයි. ඒ වගේම සමාජයීය, රාජ්‍ය සහ දේශීය මෙන්ම විදේශීය ස්ථාවරත්වය ගැන මිනිස්සු තුළ කනස්සල්ලක් ඇති කරනවා” යැයි කීවේය.

“එහෙත් 1980 අග භාගයට රට ගෙන යෑම තවත් කනස්සලක්. එය දැඩි කනගාටුවක් ඇති කරන්නක්. ඒ කාලයේ නායකයෝ මිය යනතෙක්ම බලයේ රැඳි සිටියා. ඊළඟට බලයට එන්න ඕනෑ කවුරුන්ද නායකයා වෙන්න ඕනෑ කවුරුන්ද කියලා හරි තීරණයක් තිබුණේ නැහැ. ඒ නිසා ස්තූතියි, ඒ කාලයට යන එක සුදුසු නැහැ. ඒ කාලයට යන්න ඕනෑම නැහැ” යැයි ද පුටින් කීය.

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් කාලය වයස්ගත නායකයන්ගෙන් බහුල කාලයක් විය. ලියෝනිඞ් බ්‍රෙෂ්නෙව්, යූරි අන්ද්‍රෝපොව් සහ කොන්ස්තන්තින් චර්නෙන්කෝ යන නායකයෝ මිය යනතුරුම බලය හෙබවූහ. ඒ නිසා අනෙක් පිරිස අතර බලය අල්ලාගැනීමට සඳහා අර්බුද හා ගැටුම් ඇතිවිය.

දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුටින් 2024 දී ජනාධිපති ධුරයෙන් ඉවත්ව යනු ඇතැයි ද එහෙත් වෙනත් භූමිකාවකට පිවිස බලය අල්ලාගෙන සිටිනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

රොයිටර්

055



අදහස් (0)

‘‘සෝවියට් සමයේ අවසන් කාලය මෙන් රට පාලනය කරන්න අවශ්‍ය නෑ‘‘

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1132 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 144 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 72 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 254 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 150 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site