ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අතරේ සැලකිය යුතු වෙනසක් නැතැයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා පවසයි.
ඉතාලියේ ‘ලිබරෝ’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සර්ගේ ලැව්රොව් මහතා ඒ බව ප්‍රකාශ කර ඇතැයි රුසියාවේ රාජ්‍ය පුවත් සේවය වන ‘ආර්.අයි.ඒ’ වාර්තා කර තිබිණි.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ කණ්ඩායමේ ප්‍රතිපත්තිමය කටයුතු සහ එරට හිටපු ජනාධිපති ඔබාමා මහතාගේ කණ්ඩායමේ ප්‍රතිපත්තිමය කටයුතු අතරේ පැහැදිලි වෙනසක් නැතැයි හෙතෙම ප්‍රකාශ කර ඇත.
“අවසනාවකට ට්‍රම්ප්ගේ කණ්ඩායම කටයුතු කරන ආකාරය සහ හිටපු ජනාධිපති ඔබාමා කටයුතු කරන ආකාරය අතර මහ ලොකු වෙනසක් නැහැ” යැයි රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
(රොයිටර්-055)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ඔබාමාගෙයි ට්‍රම්ප්ගෙයි එච්චර වෙනසක් නෑ‘
Bamunuarachchi Friday, 01 December 2017 01:08 AM
මොකද නැත්තේ? ට්‍රම්ප් මහතා මුස්ලිම්වරුන්ගෙන් ඇමරිකාව බේරා ගන්න හදනවා....ඔබාමා මුස්ලිම්වරුන්ට සහය දක්වනවා...
Ajith NissankaSunday, 03 December 2017 07:55 AM
ඒක නේන්නම් ඔබාමා, බින් ලාඩන් මරලා දාල කොච්චර මුස්ලිම් අයට උදව් කරාද?
jerami Monday, 04 December 2017 11:25 AM
මොකද නැත්තේ? ඔබාමා කළු පටි... ට්‍රම්ප් සුදු පටි...