කොංගෝවෙන් ඉබෝලා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එරට සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට රුවන්ඩාව පියවර ගෙන ඇත.
කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා වසංගතය පිළිබඳ සිදුවීම් තුනක් වාර්තා වීමත් සමඟ රුවන්ඩාව එම පියවර ගත්තේය.
“දෙරටේම ජනතාව ඉබෝලා වසංගතය නිසා පීඩාවට පත්වුණා. ඒ නිසා සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් දේශසීමාව වසා දැමීමට සිදුවනවා” යැයි රුවන්ඩා බලධාරීහු ප්‍රකාශ කළහ.
ඉබෝලා වසංගතය පැතිරුණු බවට තොරතුරු ලැබී ඇත්තේ කොංගොවේ ගෝමා නගරයෙනි. ගෝමා නගරය රුවන්ඩාව සහ කොංගෝව අතර දේශසීමාවේ පිහිටි නගරයකි. එම නගරයෙන් ඉබෝලා වෛරසය වැළඳුණු පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ.
ගෝමා නගරයේ මිලියන දෙකකට ආසන්න පිරිසක් ජීවත්වන අතර කොංගෝවේ ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයකි. මෙම නරගය රුවන්ඩාවේ ජුසෙනි නගරය හා සම්බන්ධ වේ. රුවන්ඩාවේ ජුසෙනි නගරයේ 85,000කට වැඩි පිරිසක් ජීවත් වෙති.
මෙම නගර දෙක අතර සබඳතා ඉතා ශක්තිමත් වන අතර බොහෝදෙනෙක් දේශසීමාවේ එහා මෙහා ගමන් කරමින් රැකියාවල නිරත වෙති. ඇතැම් අයගේ නිවාස ඇත්තේ අසල්වැසි නරගයේ ය. දරුවන් පාසල් අසල්වැසි රටට අයත් නගරයේ තිබෙන පාසල්වලටය.
රුවන්ඩාව ගෙන ඇති මෙම පියවර නිසා දෙරටේ බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර රැකියාවට අසල්වැසි කොංගෝවේ ගෝමා නගරයට ගිය පිරිස්වලට නැවත නිවෙස් බලා යෑමට නොහැකි වී ඇතැයි ද පැවසේ.
(ඒ.එෆ්.පී. ඇසුරිනි
055)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ඉබෝලා’ නිසා රුවන්ඩාව කොන්ගෝ දේශ සීමාව වසා දමයි