IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සෙනට් සභාවට යැවූ පනත් කෙටුම්පත් දෙකම සම්මත නොවේ

දින 30ක් මුළුල්ලේ අකර්මන්‍ය වී තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු නැවත ආරම්භ කිරීමට තාවකාලිකව අරමුදල් ලබාගැනීමේ අරමුණ ඇතිව පනත් කෙටුම්පත් දෙකක් සෙනට් සභාවට ඊයේ (24) ඉදිරිපත් වුවත් ඉන් එකක්වත් සම්මත නොවීය. 
 
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම සඳහා මුදල් වෙන් කරන්නැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉල්ලා සිටීමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය හිමි ඩිමොක්‍රටික් පක්ෂය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මෙම අර්බුදය නිර්මාණය විය. 
 
එම අර්බුදය හේතුවෙන් දින 30කට වැඩි කාලයක් තිස්සේ ඇමෙරිකාවේ රජයේ කටයුතුවලින් බොහෝමයක් අකර්මනය වී තිබේ. 
 
රිපබ්ලිකන් පක්ෂයට බහුතරය හිමි සෙනට් සභාවට අදාළ පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් වූ අතර ඉන් එකක්වත් සම්මත කරගැනීමට නොහැකි විය. 
 
පනත් කෙටුම්පත් ඉදිරිපත් වීමෙන් පසුව සෙනට් සභාවේදී රිපබ්ලිකන්වරුන් සහ ඩිමොක්‍රටික්වරුන් අතර විවාදයක් ද පැවැත්විණි. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟහැරීමට සහ අකර්මන්‍ය වී තිබෙන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සති තුනකට මුදල් වෙන් කිරීම අදාළ යෝජනාවල මූලික අරමුණ විය. 
 
දේශසීමා ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා කාලය ලබාගැනීමේ අරමුණින් සති තුනකට මුදල් වෙන් කෙරෙන පරිදි අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබිණි.  
 
“ඇමෙරිකා-මෙක්සිකෝ තාප්පය ඉදි කිරීම සඳහා මුලින් විශාල මුදලක් වෙන් නොකරන්නේ නම් කිසිදු පනත් කෙටුම්පතක් සම්මත වෙන්නේ නැහැ” යැයි ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සඳහන් කළාය. 
 
“අපි දේශසීමා තාප්පයට මුදල් වෙන් කිරීමට සහයෝගය දෙන්නේ නැහැ” යනුවෙන් ඩිමොක්‍රටික්වරුන් සිය ස්ථාවරය පැහැදිලිවම රිපබ්ලික්වරුන්ට දැනුම් දුන් බව සෙනට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ නායක චක් ෂූමර්ගේ ප්‍රකාශයෙක් පැවැසීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ තාප්පය ඉදි කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක මුදලක් වෙන් කරන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇත. එහෙත් තමන් ඊට මුදල් වෙන් නොකරන බවත් කිසිදු ලෙසකින් ඊට සහාය නොදෙන බවත් ඩිමොක්‍රටික් පක්ෂය අවධාරණය කර ඇත.

එම නිසා ඇති වූ අර්බුදය හේතුවෙන් දින 34ක් මුළුල්ලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අකර්මන්‍ය වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයේ කටයුතු මෙතරම් කාලයක් අකර්මන්‍ය වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ. 
 
රොයිටර් ඇසුරිනි 
 
055



අදහස් (0)

සෙනට් සභාවට යැවූ පනත් කෙටුම්පත් දෙකම සම්මත නොවේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1548 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 246 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 91 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site