IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සිරියාවේ රකා නුවර අලුත් අර්බුදයක්

අයි.එස් සටන්කාමීන් පරාජයට පත්කිරීමෙන් අනතුරුව සිරියාවේ රකා නුවර නව අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් හටගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන හමුදා සිරියාවේ රකා නුවර අයි.එස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර අයි.එස් සංවිධානය බලය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතියි.

නගරය හැර දමා ගිය පිරිස් රකා නගරයට පැමිණෙමින් සිටින අතර නගරය නැවත ගොඩනැගීමට බොහෝ පිරිස් ස්වේච්ඡාවෙන් කැමැත්ත පළ කර තිබේ.

නගරය නැවත ගොඩනැගීමේ අරමුණින් රකා සිවිල් කවුන්සිලය නමින් සංවිධානයක් පිහිටුවා තිබෙන අතර සාමය නැවත ස්ථාපිත කිරීම ද ඔවුන්ගේ අරමුණක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් අයි.එස් සටන්කාමීන් පරාජයට පත් කළ පසු  නව අන්තවාදී කල්ලි බිහිවීමේ අවදානමක් හටගෙන තිබේ.

ඇමෙරිකා හමුදා ප්‍රමුඛ ඒකාබද්ධ හවුලේ සහාය ලබන කුර්දි සහ අරාබි මිත්‍ර පාර්ශව අප්‍රේල් මාසයේදී රකා සිවිල් කවුන්සිලය පිහිටුවා ගත්තේය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මහතාගේ පාලනයට අමතරව සිරියාවේ කොටසක වෙනමම හමුදා පාලනයක් ගෙන යෑමේ අරමුණින් ඒකාබද්ධ හමුදා මේ මස අයි.එස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.  

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයේ වැඩබාරගත් පසු අයි.එස් සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාර වේගවත් කළ අතර සටන්කාමීන් මේ වනවිට සිරියාවේ රකාහිදීත් ඉරාකයේ මොසුල්හිදීත් පරාජයට පත්වෙමින් සිටියි.

එහෙත් රකාහි පශ්චාත් ගැටුම් සැලැසුම්කරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව රකා සිවිල් කවුන්සිලය පවසයි. රකා නගරයේ විදුලිබලය, ජල සැපයුම්, මාර්ග, පාසල් සහ අනෙකුත් සියල්ල නැවත ගොඩනැගීම සඳහා සිරියානු ලීරා බිලියන 5.3ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්) වැයවනු ඇතැයි රකා සිවිල් කවුන්සිල  ස්වේච්ඡා සේවකයෝ පවසති. කෙසේ නමුත් තමන්ට කිසිවක් නැතැයි ද දැනට ලැබී ඇත්තේ ඉතා කුඩා පුද්ගලික පරිත්‍යාග ප්‍රමාණයක් යැයි රකා සිවිල් කවුන්සිලය පවසයි.

සිරියාවේ රකා සහ ඉරාකයේ මොසුල් නගර අයි.එස් සංවිධානය 2014 වසරේදී ප්‍රකාශයට පත් කළ ‘කලීෆා’වේ ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස හැඳින්විණි. කෙසේ නමුත් අයි.එස් සංවිධානයේ මෙහෙයුම් මූලස්ථානය බවට පත්වූයේ සිරියාවේ රකා නුවරයි. අයි.එස් සංවිධානය ලොව පුරා සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් සැලැසුම් කරන ලද්දේ රකාහිදීය.

මේ අතර රකා සිවිල් කවුන්සිලයට අවශ්‍ය ආධාර සැපැයීමට ඇමෙරිකාව සූදානම් බව ධවල මන්දිර සම්බන්ධ නිලධාරියකු පවසා තිබිණි.
ඇමෙරිකාව 2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කළ අතර ඉන් පසු ඇති වූ ගැටුම්වලින් පසුව නැවත එරට ගොඩනැගීමට ඉරාක පාලනය අසමත් විය. එම අසමත් වීමේ ඛේදවාචකයට ඉරාකය දැන් මුහුණ දී තිබේ. පශ්චාත් ගැටුම් ව්‍යාකූලත්වය හේතුවෙන් රට තුළ කැරැළි සහ කෝලහාල ඇති වූ අතර ඒ හේතුවෙන් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ද නැගී සිටියේය.

රොයිටර් ඇසුරිනි 055



අදහස් (0)

සිරියාවේ රකා නුවර අලුත් අර්බුදයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1454 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 225 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 84 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site