IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


විස දුම මැද ඉන්දියාවේ ජනතාව වැඩ අරඹයි

දෑස දැවෙන” විස දුම මධ්‍යයේ ඉන්දියාවේ අගනුවර වෙසෙන මිලියන ගණනාවක් ජනතාව අද (4) සිය සතියේ කටයුතු ආරම්භ කළහ.

ජනතාව සිය දෛනික කටයුතු ආරම්භ කළ ද නවදිල්ලියේ පාසල් වසා දමා ඇති අතර, මාර්ග හිස්ව පැවැතුණි. එමෙන්ම නවදිල්ලියේ ඉදි කිරීම් කටයුතු ද නවතා දමා ඇත.

සෑම ශීත ඍතුවකදීම ඉන්දියාවේ අගනුවර විස දුමකින් වැසී යයි. වාහනවලින් නිකුත් වන විස දුමාරය, කර්මාන්තශාලාවලින් පිටවන දුම් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අසල්වැසි ප්‍රාන්තවල කරන ගිනිතැබීම්වලින් නිකුත් වන දුම යනාදිය නිසා නවදිල්ලියේ වායූ දූෂණය ඉහළ ගොස් තිබේ.
 

කෙසේ නමුත් මේ වනවිට නවදිල්ලියේ තත්ත්වය බරපතළ අතට හැරී තිබේ. වායූ දූෂණය “දරාගත නොහැකි මට්ටමකට” පැමිණ ඇතැයි නවදිල්ලියේ මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් පැවැසීය. වායූ දූෂණය පාලනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බව පැවැසූ අර්වින්ද් කෙජ්රිවාල් එම පියවර නිසා රටේ වායූ දූෂණය අඩුවන එකම තැන දිල්ලිය පමණක් යැයි ද කීවේය.

“හැමතැනම විස දුමාරය. පොඩි දරුවෝ, වැඩිහිටියන්, තරුණයන් යනාදී හැමෝටම හුස්ම ගන්න අමාරුයි” යැයි ඉරිදා දිනයේදී සිය ට්විටර් සමාජ ජාල ගිණුම විඩියෝ පටයක් නිකුත් කරමින් අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කළේය.

“ඇස් දනවා. දූෂණය එතරම්ම නරක අතට හැරිලා” යැයි ඔහු කීවේය.  
ඔත්තේ සහ ඉරට්ටේ වාහන ලියාපදිංචි ක්‍රමවේදය අනුව මාර්ගවලින් මෝටර් රථ ඉවත් කිරීමට ද කෙජ්රිවාල්ගේ දිල්ලි ආණ්ඩුව පියවර ගෙන තිබේ. නවදිල්ලියේ පාසල් වසා දමා ඇති අතර පාසල් දරුවන්ට මුව ආවරණ ලබාදෙන්නැයි ද අර්වින්ද් කෙජ්රිවාල් බලධාරීන්ට උපදෙස් දී තිබිණි.

ඒ.එෆ්.පී

055


 



අදහස් (1)

විස දුම මැද ඉන්දියාවේ ජනතාව වැඩ අරඹයි

විජිත් Monday, 04 November 2019 07:13 PM

අපේ රටේ කැලෑ කපන දේශපාලුවනේ, කැලෑ පාලුවනේ.....බලන්න ඔබලා නිසා අද හෝ හෙට අපිටත් වෙන්න යනදේ. රුපියල් කිහිපයකට වටිනා ගස් බිම හෙළන මිනිමරුවනේ. මොවුන් අපේ දේශයේ මාරයෝයි.

:       2       35

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා
2024 මැයි මස 11 0 0

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 202 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 656 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 1239 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 462 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 354 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site