ලිබියානු අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන් ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරදී මුණ ගැසීමට නියමිතය.
ඒ අනුවි ලිබියාවේ අසල්වාසී රටවල් වන ටියුනීසියාව, ඊජිප්තුව, සුඩානය, චැඞ්, නයිජර් සහ මාලි යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙම හමුවට සහභගී වනු ඇත.
මෙම හමුව සංවිධානය කර ඇත්තේ අසල්වැසි ඇල්ජීරියාවේ විදේශ අමාත්‍යාංශය වන අතර එම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
ලිබියානු අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවිය යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් පූර්ණ සංවාදයක් කළ යුතු බවත් ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශයේ එම නිවේදනයේ සඳහන් කර ඇත.
“මෙම සාකච්ඡාවේදී ලිබියාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනවා. කිසිදු බාධාවකින් හෝ මැදිහත්වීමකින් හෝ තොරව තම අර්බුදය විසඳා ගැනීමට අපි අපේ ලිබියානු සහෝදරයන්ට අවස්ථාව උදා කරනවා” යැයි ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
ලිබියාව විවිධ පාර්ශව එකිනෙකාට එරෙහිව සටන්වදින අතර ඇල්ජීරියාව සියලු පාර්ශව සමඟ සාකච්ඡා පවත්වමින් අඛණ්ඩව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වාගෙන යයි.
ඇල්ජීරියාව සහ ලිබියාව අතර කිලෝමීටර දහසක දේශසීමාවක් ද පවතී.
ඒ.එෆ්.පී.
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලිබියානු අර්බුදයට විසඳුම් සොයන්න අසල්වැසියෝ එක්වෙති