IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රුසියානු ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ අටක් මරුට

රුසියානු හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකින් සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේ කුඩා දරුවන් පස්දෙනකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

තවමත් සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ඉඞ්ලිබ් මෙන්ම ඇලෙප්පෝ යන ප්‍රාන්තවල වැඩි කොටසක් පාලනය කරන්නේ ජනාධිපති බෂාර් අල් අසාද්ට විරුද්ධව පාර්ශවය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රෙජීමයට රුසියාවේ සහාය හිමි වේ. කලක් අල්කයිඩා සංවිධානයේ සිරියාවේ ශාඛාව වූ කණ්ඩායමක් ද මෙම පළාත් ද්විත්වයේ ඇතැම් කොටස් පාලනය කරයි.

ගුවන් ප්‍රහාරවලින් සරාකෙබ්හි එකම පවුලේ පස්දෙනකුද අර්නාබා නගරයේ තිදෙනකුද මියගිය බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.

“රුසියානු ගුවන් යානා මේ ප්‍රදේශවලට දිගින් දිගටම බෝම්බ හෙළනවා” යැයි බි්‍රතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක එම සංවිධානයේ ප්‍රධානී රමී අබ්දෙල් රහ්මාන් කීවේය.

ඉඞ්ලිබ් පළාත් කැරැලිකරුවන්ගේ පාලනයට නතුව තිබූ අතර රජයේ හමුදා ඒවා අල්ලා ගත්තේය. ඉඞ්ලිබ් පළාත අවතැන් සිරියානුවන්ට මාරාන්තික පළාතක් බවට පත්ව තිබේ.

උතුරු සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර අතට හැරී තිබෙන අතට දරුණු මානුෂීය අර්බුදයක් හටගෙන ඇතැයි ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කරයි. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව මින් පෙර කිසිදු දිනක නොදුටු ආකාරයට ඉහළ ගොස් ඇතැයි ද එම සංවිධාන අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දෙසැම්බර් 1 වැනිදා මේ දක්වා ගත වූ කාලයේදී 350,000කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවෙස් අත්හැර දමා ගොස් ඇත. ඉඞ්ලිබ් පළාතේ දකුණු දිග ප්‍රදේශයේ සිට උතුරු පෙදෙසට ඔවුහු එලෙස පලා යමින් සිටිති.

ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම සිදුවුවහොත් තවත් 650,000කට වැඩි පිරිසකට ඔවුන්ගේ නිවෙස් අත්හැර පලා යෑමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මුදාගැනීමේ කමිටුව අනතුරු අඟවයි. ඔවුන්ගෙන් වැඩිදෙනා දරුවන් සහ කාන්තාවන් යැයි ද පැවසේ. 

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

රුසියානු ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ අටක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 928 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 104 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 60 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 243 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 148 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site