IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


යේමනයේ බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් 29 ක් මරුට

සානාහිදීය (ඒ.එෆ්.පී)

උතුරු යේමනයේ වෙළෙඳපොළක් ආසන්නයේදී බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවන් 29 දෙනකු මියගොස් ඇතැයි රතු කුරුස සංවිධානය සඳහන් කරයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා යැයි වාර්තා වන අතර හූති සටන්කාමීන් ඉලක්ක කරගනිමින් තමන් නීත්‍යානුකූල හමුදා ප්‍රහාරයක් දියත් කළ බව ඒකාබද්ධ හමුදා පවසයි. 

උතුරු යේමනයේ සාදා හි දහ්යාන් වෙළෙඳපොළ ආසන්නයේ නවතා තිබූ බස් රථයකට ප්‍රහාරය එල්ල වූ බවත් බස් රථයේ දරුවන්ගෙන් පිරි තිබූ එකක් බවත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සඳහන් කරයි.

“යේමනයේ සිටින අපේ කණ්ඩායම් රෝහල් බලධාරීන්ට සහයෝගය දුන්නා. වයස අවුරුදු 15ට දරුවන් 29 දෙනකුගේ මළසිරුරු තිබෙනවා. තවත් 48 දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ද දරුවන්” යැයි අයි.සී.ආර්.සී හෙවත් අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සඳහන් කළේය.   

විනෝද චාරිකාවක් ගොස් නැවත පාසල බලා එමින් සිටි දරුවන් පිරිසක් බසයේ සිටි බවත් රියදුරු පානය කිරීමට යමක් මිලදී ගැනීමට බස් රථය නැවැත්වූ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් ජාත්‍යන්තර පුණ්‍ය ආයතනයක් වන ‘සේව් ද චිල්ඩ්‍රන්’ සංවිධානය සඳහන් කර තිබිණි. 

055



අදහස් (0)

යේමනයේ බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් 29 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ට්‍රම්ප් දඩ කයි
2024 මැයි මස 01 1761 2

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.


ඇෆ්ගන් මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක්
2024 මැයි මස 01 133 0

බටහිර ඇෆ්ගනිස්තානයේ හේරත් නුවර මුස්ලිම් පල්ලියකට තුවක්කුකරුවෝ පිරිසක් කඩා වැදුණාහ. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් පල්ලියේ සිටි මුස්ලිම් බැතිමත


ඉන්දුනීසියා ගිනි කන්ද පුපුරයි
2024 මැයි මස 01 70 0

ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද පුපුරා යෑමටත් දුම් වලා පිට කිරීමටත් පටන් ගත්තේය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කෙරු


කොලොම්බියා විශ්ව විද්‍යාලයට පොලිසිය කඩාවදී
2024 මැයි මස 01 82 0

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට එරෙහිව විරෝධතා පැවැත්වෙන නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඊයේ (30) පොලිසිය කඩා වැදුණි.


ගාසා සමූහ මිනීවල ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ
2024 මැයි මස 01 72 0

ගාසා තීරයේ කාන් යූනිස් නගරයේ රෝහලක් අසලින් හමුවුණු සමූහ මිනීවල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්


ස්පාඤ්ඤයේ වොට්ස්ඇප් වංචාවක්
2024 මැයි මස 01 50 0

‘වොට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ 100 කට වැඩි අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්, එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site