IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ රැජිනගේ අවසරය

දශක ගණනාවක් මුළුල්ලේ පැවැති සබඳතා අවසන් කරමින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (23) අවසර දුන්නාය.

වඩාත් ස්වාධීනව හා නිදහස්ව කටයුතු කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළ අතර එම ක්‍රියාවලිය ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හැඳින්විණි.

මේ මස අවසානයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන අතර කෙසේ නමුත් ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

රාජ්‍ය නායිකාව වන එළිසබෙත් මහ රැජිනගේ නිල සහ චාරිත්‍රානුකූල අවසරය ලැබීමත් සමඟ බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අවස්ථාව ලැබේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරවා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ද සම්මත කරගත්තේය.

මීට පෙර අවස්ථා ත්‍රිත්වයකදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීම සඳහා පියවර ගත්ත ද ඒ සියල්ල අසාර්ථක විය.

රැජිනගේ නිල අවසරය ලැබීමත් සමඟ බ්‍රිතාන්‍යයට සිය සමීපතම අසල්වාසීන්ගෙන් සහ වෙළෙඳ සහකරුවන් හා පාර්ශවකරුවන්ගෙන් වෙන්වීමට අවස්ථාව උදාවේ.

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු බ්‍රසල්ස් නුවරදී වෙන්වීමේ ප්‍රඥප්තියට අත්සන් තැබීමට නියමිත අතර ඉදිරි දින කිහිපයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ඊට අත්සත් තැබීමට නියමිතය. බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර 2016 වසරේ පැවැති ජනමත විමසුමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. 

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (2)

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහ රැජිනගේ අවසරය

මහා රැජින Friday, 24 January 2020 11:05 AM

"...නැහැ නැහැ.. මම අත්සන් කලේ නැහැ. ඔය බොරිස්කාරයා මගේ අත්සන හොරට ගහලා..."

:       4       6

kamani Saturday, 25 January 2020 11:39 AM

හරි සන්තෝෂයි.. එංගලන්තයේ මහා රැජිණත් ලංකාදීප පත්තරය බලලා කමෙන්ට්ස් දමනවා කීවාම... රැජිණට හොඳට සිංහල පුළුවන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 13 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 9 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 233 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 142 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 125 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 29 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site