ශ්‍රී ලංකාව තුළ මරණදඬුවම ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අත්හිටුවන ලෙසත් අනාගතයේදී ද මරණ දඬුවම ලබා නොදීම සඳහා පියවර ගන්නා ලෙසත් යුරෝපා සංගමය සහ එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරු නැවත වරක් ඉල්ලා සිටිති.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් යුරෝපා සංගමය සහ කොළඹ සිටින එම සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හමු වී ඇති අතර එහිදි ඔවුහු ඒ බව ප්‍රකාශ කළහ.
සෑම අවස්ථාවකදීම මරණීය දණ්ඩනයට දැඩි සහ පැහැදිලි ලෙසම විරුද්ධ බව ද තානාපතිවරු එහිදි තවදුරටත් කීහ.
යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලවල එකඟතාව පරිදි මරණීය දණ්ඩනයට විරෝධතාව පළ කරමින් යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළේය.
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මරණ දඬුවම අත්හිටුවන ලෙස යුරෝපා සංගමය නැවත වරක් ඉල්ලයි
Amal Thursday, 18 July 2019 01:20 PM
යුරෝපා සංගමය ඔච්චර හිතනවානම් මේ රටේ අපරාධකාරයෝ ගැන නුබලාගේ රටවලට ඔවුන්ව අරන් යන්න, ප්‍රශ්නේ ඉවරයි