IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නිදහසට බාධා කළ පුවත්පත්වලට එරෙහිව හැරී-මේගන් නඩු මගට

සසෙක්ස්හි ආදපාදවරිය වන මේගන් මාකෙල් කැනඩාවේ දී සිය සුරතල් සුනඛයන් සමඟ ඇවිදින ඡායාරූප ගත් හා ඒවා පළ කළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව හැරී-මේගන් යුවල පවසති.

හැරී-මේගන් යුවල සහ ඔවුන්ගේ නීතිඥයෝ මේ සම්බන්ධයෙන් නෛතික අනතුරු ඇඟවීමක් ද කර ඇත.

වඩාත් පෞද්ගලික හා නිදහස් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් යුවල ඔවුන්ගේ රාජකීය භූමිකා අත්හළහ. එම තීරණයෙන් රජ මාලිගය ද කම්පනයට පත්විය.

ඒ අනුව සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු සහ ආදිපාදවරිය වන මේගන් මාකෙල් සහ ඔවුන්ගේ අට මස් වියැති පුතු කැනඩාවේ වැන්කුවර් දූපත්වලදී ඔවුන්ගේ අලුත් ජීවිතය ආරම්භ කළහ.

හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකෙල් ආචි පුතු සහ ඔවුන්ගේ සුරතල් සුනඛයන් සමඟ ඇවිද යන ඡායාරූප කිහිපයක් අඟහරුවාදා (21) ප්‍රසිද්ධියට පත්විය.

එම ඡායාරූපවලට එරෙහිව යුවල නීතිමිය පියවර ගන්නා බවත් ඔවුන්ගේ නීතිඥයන් දැනටමත් අදාළ මූලික පියවර ගෙන ඇති බවත් බී.බී.සී. ස්කයි පුවත් රූපවාහිනිය සහ ‘ද ගාඩියන්’ පුවත්පත ඊයේ (21) වාර්තා කළේය.

බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ සහ ‘ඬේලිමේල්’ යන පුවත්පත් එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර තිබිණි.ඡායාරූප ශිල්පීන් වනයේ සහ පඳුරු අතර සැඟවෙමින්, ඔත්තු බලමින් මෙම ඡායාරූප ගෙන ඇතැයි නීතිඥයන් උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.

35 හැවිරිදි මේගන් මාකෙල් ඇමෙරිකාවේ හිටපු නිළියකි.

මේගන් මාකෙල් මෙම ඡායාරූප ගැනීමට අවසර දී නැති බව කියන යුවලගේ නීතිඥයෝ ඡායාරූප ශිල්පීන් හිරිහැරයක් කර ඇති බවට ද චෝදනා කළහ. ඡායාරූප ශිල්පීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ද නීතීඥයන් පවසා ඇතැයි බී.බී.සී. පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබිණි.

ඒ.එෆ්.පී. 
 
055



අදහස් (0)

නිදහසට බාධා කළ පුවත්පත්වලට එරෙහිව හැරී-මේගන් නඩු මගට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1561 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 247 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 92 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site