ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිල්ලිහි පිහිටි නිවස ආසන්නයේ ඉතා සුළු ගින්නක් ඇති වූයේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දිල්ලියේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ අංක 7, ලෝක් කල්යාන් මාර්ග් නිවස ආසන්නයේ පස්වරු 7.20ට පමණ මෙම ගින්න ඇති වී තිබෙන අතර එය සාර්ථකව මැඩ පැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් සමත්ව ඇති බව ද එම පුවත් සේවා වාර්තා කර තිබිණි.
විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න ඇති වී තිබෙන අතර ගින්න ඇති වී තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව යොදා සිටින විශේෂ ආරක්ෂක කණ්ඩායම් සිටින ස්ථානයට ආසන්න ස්ථානයක ය.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ගින්න සාර්ථකව මැඩ පැවැත්වූ බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.
ගින්න වාර්තා වූ සැණින් ගිනි නිවන රථ නවයක් එම ස්ථානයට පැමිණ ඇති බවත් ගින්න ඇති වූයේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස හෝ කාර්යාල තුළ නොවන බැවින් එම රථවලට ඊට ඇතුළු වීමට ඉඩ නොලැබිණි. කෙසේ නමුත් ආරක්ෂක අංශ ඒ වනවිටත් ගින්න මැඩ පැවැත්වීමට සමත්ව තිබිණි.
එන්.ඩී.ටීවී. ඇසුරිනි
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නරේන්ද්‍ර මෝදිගේ නිවස ආසන්නයේ ගින්නක්