IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නයිජීරියාවේ පැහැරගත් සිසුවියන් 110 දෙනා නිදහස්


බොකෝහරාම් සංවිධානය විසින් පසුගිය මාසයේ දී ඊසාන දිග නයිජීරියාවේදී පැහැරගත් පාසල් සිසුවියන් 110 දෙනා නිදහස් කොට ඇතැයි එරට රජය පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරුවන් 50 දෙනෙකු පමණ  කඩාවැදී මෙම දරුවන් ඩප්චි නගරයේ පාසලකදී පැහැර ගෙන ඇත. රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ගැහැනු දරුවන් 110 දෙනාගෙන් 101 දෙනෙකු මේ වනවිට නිදහස් කල බව ස්ථිර අතර ඉතිරි 9 දෙනා තවමත් ලැයිස්තු ගත කර නොමැති අතර එහෙත් ඔවුන්ද නිදහස් කරඇති බවයි.

එරට ප්‍රවෘත්ති අමාත්‍ය ලායි මොහොමඩ් විදෙස් මාධ්‍ය වලට පවසා ඇත්තේ කිසිම කප්පම් මුදලක් මේ වෙනුවෙන් නොගෙවූ බවයි. මෙම පැහැරගැනීමට එරෙහිව රජය විසින්  හමුදා පියවර නොගැනීමට ඇතිකරගත් එකම කොන්දේසිය මත  මෙම නිදහස් කිරීම සිදුව ඇතැයිද එරට ප්‍රවෘත්ති අමාත්‍ය වරයා පවසා ඇත.

ඊසානදිග නයිජීරියාවේ යෝබේ ප්‍රාන්තයේ ඩප්චි නගරයේ රජයේ විද්‍යා සහ තාක්ෂණ පාසලට ඉකුත්  පෙබරවාරි 19 වැනි දා කඩාවැදුණු බොකොහරාම් සංවිධානයේ සටන්කාමීන් මෙම ගැහැණු දරුවන් 110 දෙනා  බලහත්කාරයෙන් පැහැරගෙන යන ලදි.

සිද්ධිය ඇසින් දුටුවෙකු කියාසිටියේ සටන්කාමීන් සුලු වේලාවක් ළමුන් අමතා කථා කොට එම ස්ථානයෙන් පිටව ගිය බවයි. 2014 වර්ෂයේදී උතුරු බොර්නෝහී චිකොබ් නගරයේදී පාසල් සිසුවියන් 276 දෙනෙකු බොකොහරාම් සංවිධානය විසින් පැහැරගත් අතර ඉන් 100 දෙනෙකු කිසිම දිනක නැවත තම පවුලට එක් නොවුණි.

(255)



අදහස් (0)

නයිජීරියාවේ පැහැරගත් සිසුවියන් 110 දෙනා නිදහස්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1468 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 225 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 85 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site