චීනයේ පැතිරෙන නව වෛරසය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
අසාදිත රෝගීන් සංඛ්‍යාව 300 ක් ලෙස වාර්තා වන අතර ආසියානු රටවල් බොහොමයක් වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.
මිනිසුන් අතර වෛරසය පැතිර යා හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසන් සභාවේ ප්‍රවීණයෙකු ප්‍රකාශ කිරීමත් සමඟ රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමට ඉඩ ඇතැයි බියක් ඇති විය.
කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ රෝගය සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධව නිශ්චිත නිගමන වලට එළඹීමට තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි.
මේ සතියේ චන්ද්‍ර නව වසර සමරන චීන ජනයා විශාල වශයෙන් බස් රථ, දුම්රිය හා ගුවන් යානා වලින් එහා මෙහා ගමන් කරන හෙයින් වෛරසය පැතිරීම වේගවත් වීමට ඉඩ ඇතැයි පැවැසේ.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීනයේ නව වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හයක් දක්වා ඉහළට