IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුවන් යානය සොයන අතරතුර නෞකා දෙකක සුන්බුන් සොයා ගනී

මීට වසර හතරකට පෙර අතුරුදන් වූ එම්එච්370 මැලේසියා ගුවන් යානයේ සෙවුම් කටයුතු සිදුකරන අතරතුර ඉන්දියන් සාගරයේ තිබී 19 වන ශතවර්ෂයේදී මුහුදේ ගිලීගිය වෙළඳ නෞකා දෙකක සුන්බුන් සොයා ගැනීමට හැකිවී ඇතැයි පර්යේෂකයෝ පවසති. 
 
ඕස්ට්‍රේලියාවට බටහිරින් කිලෝමීටර් 2300ක් පමණ දුරකදී මෙම නෞකා හමුවී ඇති අතර පසුව සොයාගෙන ඇත්තේ මේවා බ්‍රිතාන්‍යයට අයත් ගල් අඟුරු ප්‍රවාහන නෞකා බවයි. 
 
2015  වර්ෂයේදී ඉන්දියන් සාගරයේ‍ මෙහෙයුම් සිදුකරන අතරතුර මුහුදු පත්ල ගවේෂණය කරන සෝනාර් උපකරණ වලට මේ තොරතුරු ලැබී ඇති බවත් ඉන්පසු සිදුකළ වැඩිදුර අධ්‍යයනයන් මගින් මෙම එක් නෞකාවක් රුවල් තුනකින් සමන්විත යකඩින් සාදන ලද එකක් බවත් හෙළි වී ඇත.
 
මුහුදු පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙය කාර්යමණ්ඩලයේ 28 දෙනකු සමඟ බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කිරීමේදී අතුරුදන්වූ "වෙස්ට් රිග්" නෞකාව වීමට පොහෝ සෙයින් ඉඩ ඇති බවයි.
 
අනෙක් නෞකාව ඊට කිලෝමීටර් 36ක් දුරින් හමුවී ඇති අතර එය ලී බඳකින් යුක්තය. ඕස්ට්‍රේලියාව, චීනය හා මැලේසියාව එක්ව සිදු කළ මෙම මෙහෙයුම යානය පිළිබඳ කිසිම තොරතුක් නොලැබීම හේතුවෙන් 2016 වර්ෂයේදී අසාර්ථක මෙහෙයුමක් ලෙස අවසන් කෙරිණි.
 
(බීබීසි පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ගුවන් යානය සොයන අතරතුර නෞකා දෙකක සුන්බුන් සොයා ගනී

malith Sunday, 06 May 2018 07:14 AM

ෆොටෝ වීඩියෝ දැම්මා නං වටිනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1187 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 155 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 73 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 256 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site