IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කැනඩා ස්නයිපර්කරුගේ අයිඑස් ඉලක්කය සාර්ථකයි

කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ.

කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය කර ඇත්තේ ඉකුත් මාසයේදී යැයි ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ආරක්ෂක අංශ මාර්ග සඳහන් කරයි.
 
හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් ''ටොරොන්ටෝ ග්ලෝබ් ඇන්ඩ් මේල්" පුවත්පත තවදුරටත් මෙලෙස තොරතුරු වාර්තා කර තිබිණි.
 
මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන ස්නයිප තුවක්කුකරු කැනේඩියානු හමුදාවේ "ඒකාබද්ධ කාර්ය බලකාය 2" සාමාජියකු වන අතර ඔහු එම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ උස් ගොඩනැගිල්ලක සිටය.
 
තොරතුරුවලට අනුව ඉලක්කයට ළඟවීමට උණ්ඩයට ගත වී තිබෙන්නේ තත්ත්පර දහයකි. එතරම් දුරක සිට ස්නයිප තුවක්කරු ඉලක්කයට වෙඩි තැබූ බව කැනේඩියානු විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරීයා ද තහවුරු කර තිබිණි.
 
මෙම වෙඩි තැබීම පටිගත කර තිබෙන අනුව දැනට තිබෙන අතර දැනට තිබෙන වාර්තා අනුව ස්නයිප තුවක්කුකරුවකු එතරම් දුරක් නිසි ඉලක්කයට ප්‍රහාරය එල්ල කරමින් සතුරා මරා දැමූ අවස්ථාව මෙය වනු ඇතැයි පැවසේ. ඒ අනුව ස්නයිප තුවක්කුකරුවකු නිවැරැදිව එල්ල කරන දීර්ඝතම ප්‍රහාරය මෙය යැයි සැලකේ.
 
ස්නයිප තුවක්කුකරුට  නීරික්ෂකයකුගේ සහාය ද හිමිව තිබෙන අතර කැනේඩියානු හමුදාවේ සම්මත ''මැක්මිලාන් ටී.ඒ.සී - 50" රයිෆලයක් භාවිත කර තිබේ.


බී.බී.සී 055



අදහස් (0)

කැනඩා ස්නයිපර්කරුගේ අයිඑස් ඉලක්කය සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1541 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 242 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 89 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site