සෝල්හිදීය (රොයිටර්)
වසර 2020 පැවැත්වෙන ටෝකියෝ සහ 2022 බීජිං ඔලිම්පික් උළෙළු සඳහා සහභාගී වීමට සූදානම් වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙමින් පැවැසූ බව, කොරියාවේ නිල පුවත් සේවය වන ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ අද (31) වාර්තා කළේය.
කොරියානු නායකයා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා අතර හමුව සිදුව ඇත්තේ සිකුරාදා, මාර්තු 30 වැනි බව පැවැසුණද ඔවුන් දෙදෙනා අතට අත දෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළ රොයිටර් පුවත් සේවය එම හමුව සිදුවූයේ කවදාද, කොහේදීද ගැන සඳහනක් නැති බව වාර්තා කර තිබිණි.
‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ තෝමස් බැක් බ්‍රහස්පතින්දා, මාර්තු 29 වැනිදා ප්යොන්ග්යැන්ග් වෙත පැමිණි බව වාර්තා කළේය. පෙබරවාරි මාසයේ දකුණු කොරියාවේ පැවැති ශීත ඍතු ඔලිම්පික් උළෙල කොරියානු අර්බුදය තරමක් දුරට සමනය කළ අතර උතුරු හා දකුණු කොරියානු ක්‍රීඩික ක්‍රීඩිකාවෝ එක් ධජයක් යටතේ ආචාර පෙළපාලියේ ගමන් කළහ.
ශීත ඍතු ඔලිම්පික් උළෙල ‘සාමයේ සංකේතයක්’ බවට පත් කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ එරට බලධාරීන් දුන් සහයෝගයට ස්තූති කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැක්ගේ සංචාරයේ එක් විශේෂ අරමුණක් බව ද ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ වාර්තා කර තිබිණි.
උතුරු කොරියාව සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට නායකයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ එහි සභාපති තෝමස් බැක්ට ස්තූතිවන්ත වී තිබෙන අතර ඔලිම්පික් කමිටුව උතුරු කොරියාව සමඟ කටයුතු කරන බවත් ඊට දේශපාලනය හෝ දේශපාලනික කරුණු බාධාවක් නොවන බවත් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා මෙහිදි උතුරු කොරියානු නායකයාට පවසා ඇත.
- 055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඔලිම්පික් ලොක්කා උතුරු කොරියානු නායකයා හමුවෙයි