උතුරු බුර්කිනෝ ෆාසෝ හි ඩබ්ලෝහි පිහිටි කතෝලික දේවස්ථානයකට කඩාවැදුණු තුවක්කුකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් පූජකයකු සහ එහි පැමිණ සිටි බැතිමත්හු 6ක් ජීවිතක්ෂයට පත්වූහ.
“උදේ නවයට විතර, පූජාව පටන් අරගෙන තිබුණේ. ආයුධ ගත්තු කට්ටියක් පල්ලියට කඩා වැදුණා” ඩබ්ලෝ නගරයේ නගරාධිපති ඔවුස්මාන් සොන්ගෝ පැවැසීය.
“තුවක්කුකරුවෝ පූජාවට පැමිණ සිටි පිරිසට වෙඩි තැබුවා” යැයි ද ඔහු කීවේය.
ආරක්ෂක අංශවලට අනුව තුවක්කු රැගත් 20කට 30කට පිරිසක් දේවස්ථානයකට කඩා වැදී එහි සිට බැතිමතුන් අල්ලා ගැනීමට ද උත්සාහ කර ඇත. ඔවුහු බැතිමතුන් පස්දෙනකු ඝාතනය කළහ.
වෙඩි තැබීමෙන් පසු ඔවුන් පල්ලියටත්, අසල තිබූ සාප්පු කිහිපයකටත් තවත් කුඩා අවන්හලකටත් ගිනි තබා ඇති අතර ඒ ආසන්නයේ තිබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ගොස් එහි තිබූ සියල්ල ද කොල්ල කා ඇත.
ඉන් අනතුරුව ඔවුන් එම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන හෙදියගේ මෝටර් රථයට ද ගිනි තබා ඇත.
ඒ.එෆ්.පී
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු බුර්කිනෝ ෆාසෝ හි දේවස්ථානයක වෙඩි තැබීමකින් 7 ක් මරුට