සෝල්හිදීය (ඒ.එෆ්.පී)
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් එරට සංචාරයක නිරත වන ලෙස අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්තුමාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් තමන් උතුරු කොරියානු නායකයගේ ආරධනා පණිවුඩය තමන් පාප්තුමාට දැනුම් දෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ මේ බව අනාවරණය විය.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මේ මස 17 සහ 18 දිනවලදී වතිකානයේ සංචාරය කිරීමට නියමිතය.
“පාප්තුමන් හමුවන අවස්ථාවේදී ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියානු නායකයාගේ පණිවුඩය පාප්තුමන්ට දැනුම් දෙනවා” යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ කිම් ඉයු කියෝම් පැවැසීය.
දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා යුරෝපා සංචාරයක නිරත වන අතර එහිදි ඔහු ප්‍රංශය, ඉතාලිය සහ ඩෙන්මාර්කය යන රටවල් ඇතුළු කලාපයේ රටවල් කිහිපයකටම යෑමට නියමිතය.
දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා මේ වසරේ ගත වූ කාලයේදී තෙවතාවක් මුණ ගැසුණු අතර අවසන් වරට මුණ ගැසුණාහ. අවසන් වරට ඔවුන් මුණ ගැසුණු අවස්ථාවේදී තමන් අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ උතුරු කොරියාවට උණුසුම් අයුරින් පිළිගැනීමට සූදානම් බව එරට නායකයා දකුණු කොරියානු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු කොරියානු ජනපතිගෙන් පාප්තුමාට ආරාධනයක්