ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී)
මහ මැතිවරණයෙන් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්වූ ඉම්රාන් ඛාන් ධූරයේ දිවුරුම් දීම මෙම මස 11 වැනිදා සිදුවන බවත් ඊට කිසිදු විදෙස් නායකයකුට ආරාධනා කර නැති බවත් පී.ටි.අයි පක්ෂය සඳහන් කරයි.
වසර 1992 දී ලෝක කුසලානය දිනූ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන ඉම්රාන් ඛාන් 1996 වසරේදී දේශපාලනයට එක්විය. පාකිස්තාන මහ මැතිවරණය ජූලි 25 වැනිදා පැවැති අතර එහිදි පාර්ලිමේන්තු ආසන 116ක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය බවට පත්වීම ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පී.ටි.අයි පක්ෂය සමත්විය.
කෙසේ නමුත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 137 දිනාගැනීමට නොහැකි වූ පී.ටි.අයි පක්ෂයට සන්ධානගත ගතවීමට සිදුවිය.
තම දිවුරුම් දීමේ උත්සවයට ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ‘සාර්ක්’ සංවිධානයේ සාමාජික රටවල නායකයන්ට ආරාධනා කරනු ඇතැයි වාර්තා විය. ඊට අමතරව ඉම්රාන් ඛාන් තම දිවුරුම් දීමේ උත්සවයට බොලිවුඞ් නළු ඉම්රාන් ඛාන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජොට් සිං සිධු ආරාධනා කර ඇති අතර සිධු ආරධානව බාරගෙන ඇත.
“විදෙස් නායකයන් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. එහෙත් ඒවා වැරැදියි” යැයි පී.ටි.අයි පක්ෂයේ ප්‍රකාශකයකු වන ෆවාඞ් චෞද්රි පැවැසීය.
දිවුරුම් දීමේ උත්සවය පාකිස්තාන අයිවන් ඊ සද්ර් (පාකිස්තාන ජනාධිපති මන්දිරය) හිදි පැවැත්වෙන බව ද හෙතෙම කීවේය.
දිවුරුම් දීමේ උත්සවය ඉතා චාම් සහ අඩු වියදමින් කරන්නැයි ද ඉම්රාන් ඛාන් ඉල්ලා ඇති බව ද ෆවාඞ් කීය.
“විදේශිකයන් කිසිවකුටත් ආරාධනා කරන්නේ නැහැ. එසේ වුණත් ඉම්රාන් ඛාන්ගේ සමීපතම විදෙස් මිතුරන් කිහිපදෙනකුට ආරාධනා කරනවා. මෙය සම්පූර්ණයෙන්ම ජාතික උත්සවයක්” ෆවාඞ් කීවේය.
055
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉම්රාන් ඛාන් දිවුරුම් දීම 11 වැනිදා