නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ඉතාලි නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිය යන විට 90 වැනි වියේ පසුවූ දාරියෝ ෆෝ අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු හා රංගධරයකු ලෙසද කටයුතු කළ අයෙකි.

1977 දී සාහිත්‍ය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඔහු ලියා නිෂ්පාදනය කළ නාට්‍ය ගණන 80කට වැඩි බව කියති. ඔහු සිය බිරිය ෆ්‍රාන්ස් රාම් සමග එක්ව ඉතාලි නාට්‍ය ක්ෂේත්‍රයට අමතක කළ නොහැකි මෙහෙවරක් කළ අයකු බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.

ඔහුගේ නාට්‍ය ලොව පුරා භාෂා 30කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වී ඇති අතර ඉන් බොහෝ ප්‍රමාණයක් සිංහල බසින්ද නිර්මාණය විය.

ඒ අතර විජිත ගුණරත්නගේ සාක්කි, ප්‍රසන්න විතානගේ ගේ දෙබිඩ්ඩෝ, හොරු සමග හෙළුවෙන්, ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ගැබ්බර මිනිසා ආදී නාට්‍ය ප්‍රධාන තැනක් ගනී.

web14fo-obit-2-master675webw_mh_cs600x360_cx0_cy0