IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇසෑම් ප්‍රාන්තයේ ලක්ෂ 19කට ඉන්දීය පුරවැසිභාවය නෑ

ඇසෑම් ප්‍රාන්තයේ ජාතික පුරවැසි ලැයිස්තුව ඉකුත් දා ප්‍රකාශයට පත්කළ අතර ලක්ෂ 19කගේ නම් එම ලැයිස්තුවට ඇතුළත්ව නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අයඳුම්කරුවන් කෝටි 3.29ක් ජාතික පුරවැසි ලැයිස්තුවට සිය අයඳුම්පත් ඉදිරිපත් කළ ඒවා භාවිත කරමින් මෙම ජාතික පුරවැසි ලැයිස්තුව සකස් කර තිබේ. 

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුව මෙම ලැයිස්තුව සකස් කෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය යටතේ මෙම ලැයිස්තුව සකස් කිරීමට වසර පහක් ගතවිය. ඒ සඳහා වියදම් කෙරුණු මුදල ඉන්දීය රුපියල් කෝටි 1,220කි. 

මානව හිමිකම් සුරැකීමේ සංවිධානවලට සහ ඇසෑමයේ ජනතාවට අනුව හින්දු ජාතිකයන් සහ බෙංගාල සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ගණනය කෙරෙණු ඇතැයි කියැවේ. පුරවැසිභාවය සම්බන්ධයෙන් කරන නඩු විමසීම් යනාදිය සඳහා ජනතාව ඉන්දීය රුපියල් කෝටි 7,800ක මුදලක් වියදම් කළ බව පැවසේ. මෙම කාලයේදී මෙම කරුණ නිසා 60 දෙනකුට ජීවිත අහිමි විය.

බටහිර ඇසෑමයේ බර්පෙතා හිදී 2010 වසරේදී උද්ඝෝෂණයක් පැවැති අතර එහිදි පොලිසිය කළ වෙඩි තැබීමකින් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනෙක් ජාතික පුරවැසි ලේඛන සේවා මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමේදී, එම කටයුතුවලට සහභගී වන අතර වාරයේදී ජීවිතක්ෂයට පත්වූහ. බොහෝ තමන්ට රටක් නැති වනු ඇතැයි බියෙන් ඇති වූ කම්පනය නිසා ජීවිතක්ෂයට පත්වූහ. 
1,906,657 කගේ නම් මෙලෙස ජාතික පුරවැසි ලැයිස්තුවට ඇතුළත් වී නැති අතර ඔවුන්ට අධිකරණය ඔස්සේ මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරමින් ලැයිස්තුවට ඔවුන්ගේ නම් ඇතුළත් කරගැනීමේ හැකියාව ඇතැයි ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා දින 120ක කාලයක් ලබා දී තිබේ. මේ සඳහා විශේෂ අධිකරණ ද පිහිටුවා ඇත. 

(ද හින්දු ඇසුරිනි) 

055

 



අදහස් (0)

ඇසෑම් ප්‍රාන්තයේ ලක්ෂ 19කට ඉන්දීය පුරවැසිභාවය නෑ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1552 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 246 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 91 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site