IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඇස්ට්‍රාසෙනකා තරුණ තරුණියන්ට සුදුසු නැතැයි තීරණය කෙරේ

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත තරුණ තරුණියන්ට සුදුසු නොවන බව යුරෝපා ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ.

එන්නත තරුණ තරුණියන්ට නුසුදුසු බව යුරෝපා ඖෂධ පාලන අධිකාරිය තීරණය කළේ එන්නත ලබා ගන්නා ඇතැමුන්ගේ රුධිරය කැටි ගැසී මරණ සිදුවී ඇති බැවිනි.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීමෙන් පසු මොළයේ ලේ කැටි ගැසීම් ඇතිවෙනවා. වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය සැලකෙන්නේ ‘වෙනුස් සයිනස් ත්‍රොම්බෝසිස්’ යනුවෙන්. මේක ඉතාමත් දුර්ලභ තත්ත්වයක්. ඒත් අප කළ විමර්ශනවලින් පැහැදිලි වී තිබෙනවා, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාගෙන මියගිය බොහෝ දෙනකු මෙම තත්ත්වයට ගොදුරු වුණු බව. ඒ නිසා අප තරුණ තරුණියන්ට එන්නත සුදුසු යැයි අනුමත කරන්නේ නැහැ. ඔවුන්ට විකල්පයක් ලෙස වෙනත් එන්නතක් ලබා ගන්න පුළුවන්.’ යැයි ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

යුරෝපා රටවල මිලියන 34 කට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා දී ඇති බවත්, මොළයේ රුධිර කැටි ඇතිවීමෙන්, යුරෝපා රටවල 169 දෙනකු මියගොස් ඇති බවත් ඒ හා සමාන පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා දිවි බේරාගෙන ඇති බවත් ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ පවසා තිබේ.

විමර්ශනවලින් පසු ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ නිකුත් කළ එම වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත මින් ඉදිරියට තරුණ තරුණියන්ට ලබා දෙන්නේ නැතැයි පළමුවෙන් තීරණය කළේ මහා බ්‍රිතාන්‍යයයි.

මේ වනවිට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගත් බි්‍රතාන්‍ය වැසියන් 79 දෙනකු රුධිර කැටි ඇතිවී රෝහල්ගත කෙරුණු අතර එයින් 19 දෙනකු මියගොස් තිබේ.

(රොයිටර්)



අදහස් (1)

ඇස්ට්‍රාසෙනකා තරුණ තරුණියන්ට සුදුසු නැතැයි තීරණය කෙරේ

chandima Thursday, 08 April 2021 04:57 PM

ලංකාවට ආපු ඇස්ට්‍රා සෙනෙකා එන්නත දේශපාලකයින්ගේ පවුල්වල පොඩි අයටත් විදගෙන තියෙනවා. සමහර පොඩි අය එයාලගේ පන්තිබාර ගුරුවරුන්ට මේක උජාරුවෙන් කියලා තිබුණා.. දැන් පස්ස රත්වෙලා ඇති. අනේ මේ එන්නතෙන්වත් ඔය තාත්තාගෙන් පුතාට මාරුවන මහජන නියෝජිතකම රටේ ඇත්තම මහජන නියෝජිතයකුට යනවා නම්.. ඔන්න එහෙම වුණොත් නම් දෙවියෝ රටේ පොදු ජනතාවට අනුකම්පාවෙන් එවපු එන්නතක් වෙනවා මේක..

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1505 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 236 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 87 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site