පැරිස් ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කරගැනීම සඳහා ලේඛන සකස් කළ බව ට්‍රම්ප් පරිපාලනය පවසයි.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන ගෝලීය ගිවිසුම ලෙස හැඳින්වෙන පැරිස් ගිවිසුමෙන් ඉවත්වීම සඳහා ඇමරිකාව සැලසුම් සකස් කළ වසරක ක්‍රියාවලියේ පළමු විධිමත් පියවර මෙය බව සඳහන් වේ.
මෙම පියවර කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධව ට්‍රම්ප් පරිපාලනයේ පුළුල් උපායමාර්ගික සැලැස්මක් බව විචාරකයෝ පවසති.
එහෙත් විද්‍යාඥයින් සහ බොහෝ ලෝක නායකයින් ඉල්ලා සිටින්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ දරුණු බලපෑම් වලින් වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.
ලෝකයේ ඉහළම හරිතාගාර වායු විමෝචකයා සහ ප්‍රමුඛ තෙල් හා ගෑස් නිෂ්පාදකයකු වන ඇමරිකාව මෙම ගිවිසුමෙන් ඉවත්ව ගියහොත් ගිවිසුමෙන් පිටත ඇති එවැනි එකම රට බවට පත්වෙනු ඇත.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙම පියවර සනාථ කළ අතර යුරෝපා සංගමය ඇමෙරිකාවේ මෙම පියවර සම්බන්ධව ඔවුන්ගේ දැඩි කනස්සල්ල පලකර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත්වෙන්න සැලසුම් හදයි