IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරුවේ විනිසුරුවරයෙක් ‘සූම්’ ඇමතුමකින් මරණ දඬුවම නියම කරයි

මත්ද්‍රව්‍ය ගනුදෙනුවකට සම්බන්ධව වරදකරු වූ තැනැත්තකුට සිංගප්පූරු විනිසුරුවරයකු විසින් ‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔස්සේ කළ නඩු විභාගයකින් පසුව මරණ දඬුවම නියම කරනු ලැබ ඇත.

මැලේසියානු ජාතිකයකු වන තිස්හත් හැවිරිදි පුනිතන් ජෙනසන් නැමැත්තාට මෙලෙස මරණ දඬුවම නියම වී තිබෙන අතර හෙතෙම 2011 වසරේ සිදු වූ හෙරොයින් ගනුදෙනුවකට සම්බන්ධ යැයි තහවුරු වී ඇත.

‘සූම්’ විඩියෝ ඇමතුම් තාක්ෂණය යනු පසුගිය මාස දෙකක කාලයේදී වැඩි වශයෙන් භාවිත වූ විඩියෝ ඇමතුම් ලබාගත හැකි තාක්ෂණික ක්‍රමවේදයකි. පසුගිය කාලයේදී ලොවපුරා බොහෝ පිරිසක් මෙන්ම ලොවපුරා පාසල්වල ඉගැන්වීම්, සමුළු, සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වූයේ ද මෙම ක්‍රමවේදය ඔස්සේය.

සිංගප්පූරුව අන්තර්ජාලයේ සහාය ඇතිව විඩියෝ තාක්ෂණය ඔස්සේ මරණ දඬුවම දුන් දෙවැනි අවස්ථාව මෙය යැයි පැවසේ.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා හේතුවෙන් සිංගප්පූරුව තවමත් ‘ලොක්ඩවුන්’ හෙවත් අඟුළු දමා ඇත.

මරණ දඬුවම නියම වූ පුද්ගලයා අදාළ හෙරොයින් ගනුදෙනුවේ මහ මොළකරු යැයි අනාවරණය වී තිබෙන නඩු විභාගයේදී ඒ බව තහවුරු වී ඇත. මෙම මරණ දඬුවම ලබා දී ඇත්තේ පසුගිය සතියේ සිකුරාදා ය.

‘‘සියලු දෙනාගේ යහපත වෙනුවෙන් මෙම නඩු විභාගය විඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණා’’ යැයි සිංගප්පූරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශයෙක් පැවැසීය. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් එම පියවර ගත් බව ද හෙතෙම කීය.

‘‘දුරස්ථ විභාගයකින් පසුව මරණ දඬුවම දුන් පළමු අපරාධ නඩුව මෙය’’ යැයි ද හෙතෙම කීවේය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ මරණ දඬුවම ලබාදීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන රැසක් ඔවුන්ගේ විරෝධය පළ කර ඇත. මේ මස මුලදී නයිජීරියාවෙන් ද මේ ආකාරයේ සිදුවීමක් වාර්තා විය. දුරස්ථ නඩු විභාගයකින් පසු මරණ දඬුවම දුන් පළමු අවස්ථාව එය බව ද එරටින් වාර්තා විය.

සිකුරාදා දුන් තීන්දුවට විරෝධය පළ නොකළේ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුනිතන් ජෙනසන් වෙනුවෙන් පෙනි සිටී නීතීඥ පීටර් ප්‍රනාන්දු පැවැසීය.

නඩු තීන්දුව පැහැදිලිව ඇසුණු බවත් තීන්දුවට එරෙහිව නෛතික කරුණු දැක්වීමක් සිදු නොවූ බවත් පැවැසූ හෙතෙම තම සේවදායකයා සහ තමන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට සිංගප්පූරුවේ නියෝජිතයන් මාර්ගයෙන් කැලිෆෝනියාවේ පිහිටි ‘සූම්’ සමාගම නියෝජිතයන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ එය සාර්ථක නොවීය. මෙම නඩුව වෙනුවෙන් පෙනි සිටී රජයේ නීතිඥයා ද සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

සිංගප්පූරුව ලොක්ඩවුන් සීමා පැනවීම ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ හේතුවෙන් නඩු බොහෝමයක් කල් දමා ඇති නමුත් අත්‍යවශ්‍ය නඩු දුරස්ථ ක්‍රමවේදයට (අන්තර්ජාලයේ සහාය ඇතිව විඩියෝ තාක්ෂණය) ඔස්සේ සිදු කෙරුණි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට සිංගප්පූරුව කිසිදු සමාවක් ලබා දෙන්නේ නැත. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සිදුවීම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිය ගණනක් එල්ල මරා දමා ඇත. විදේශිකයෝ ද ඒ අතර වෙති.

‘‘සිංගප්පූරුවේ මරණ දඬුවම දීමේ ක්‍රමවේදය ක්‍රෑර සහ අමානුෂීය දෙයක්. දුරස්ථ ක්‍රමවේදය මඟින් මරණ දඬුවම දීම තවත් අමානුෂීය දෙයක්’’ යැයි ‘හියුමන් රයිට්ස් වොච්’ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පිල් රොබට්සන් පැවැසීය.

‘‘සූම් හෝ වෙනත් ක්‍රමවේදයකින් මරණ දඬුවම දීම අමානුෂීය සහ ක්‍රෑර දෙයක්. සිංගප්පූරුව දිගින් දිගටම ජාත්‍යන්තර නීතිය නොසලකා හරින බව මේ සිදුවීමෙන් නැවත වරක් තහවුරු වුණා’’ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ උපදේශක චියාරා සන්ජියාජියෝ පැවැසුවාය.

රොයිටර්ස්

055



අදහස් (1)

සිංගප්පූරුවේ විනිසුරුවරයෙක් ‘සූම්’ ඇමතුමකින් මරණ දඬුවම නියම කරයි

anura Thursday, 21 May 2020 02:22 AM

නිකම් බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව ඔයගොල්ලන්ගේ ජිනීවා මණ්ඩලයට ගිහිල්ලා පුළුවන් නම් සිංගප්පූරුවට විරුද්ධව යෝජනාවක් සම්මත කරා නම් ඉවරයි. ඒ එක්කම මානව හිමිකම් වල මුරදේවතාවා වන රටේ විසකටු ගසා හා විදුලිසැර ගසා මිනීමරණ රටට එරෙහිවත්, හිසගසා මිනී මරණ රටට එරෙහිවත් යෝජනා සම්මත කර පෙන්වන්න.

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site