IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ෂර්පා ජාතිකයෙක් 24 වරක් එවරස්ට් නැග වාර්තාවක් පිහිටුවයි

නේපාලයේ ෂර්පා ජාතිකයෙකු එවරස්ට් කන්ද 24 වතාවක් තරණය කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. කමි රිටා ෂර්පා නමැති මෙම තැනැත්තා 49 හැවිරිදි පුද්ගලයෙකි.
 
මෙම වාර්තාව තැබීම සඳහා ඔහු එක් සතියකදී දෙවතාවක් එවරස්ට් තරණය කර ඇති අතර විශ්‍රාම යෑමට පෙර තවත් එක් වතාවක් කඳු මුදුනට ළඟාවීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත. 
 
අඩි 29,035ක් උස එවරස්ට් මුදුණට ප්‍රවේශ වීම සඳහා කමි රිටා භාවිත කරන්නේ සාම්ප්‍රදායික ගිණිකොනදිග කඳුකර මාර්ගයයි.
 
මෙය වඩාත් ජනප්‍රිය මාර්ගය වන අතර එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නොර්ගේ යන අය ද භාවිතා කර ඇත්තේ මෙම මාර්ගය බව පැවසේ.දැනට විශ්‍රාම ගොස් ඇති ෂර්පාවරුන් දෙදෙනකු 21වතාව බැගින් එවරස්ට් තරණය කර ඇත.

තමා තවමත් ශක්තිමත් බවත් 25වන වතාවටත් එවරස්ට් තරණය කිරීමට බලාපොරොත්තු වන බවත් කමි රිටා පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ෂර්පා ජාතිකයෙක් 24 වරක් එවරස්ට් නැග වාර්තාවක් පිහිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site