IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් ඊජිප්තුවෙන් සොයාගනී

ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් විසින් වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් සොයාගෙන ඇති අතර එය ලොව පැරණිතම මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරය වියහැකි බව ඔවුහු පවසති.

අබිඩෝස් කාන්තාර ප්‍රදේශයේ ඉපැරණි සුසාන භූමියක සිදුකළ පුරා විද්‍යා කැණීමකදී මෙම කම්හල සොයාගෙන තිබේ.

ඊජිප්තු සහ ඇමරිකානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් මෙම ගවේෂණය සිදුකර ඇත.

ධාන්‍ය සහ ජලය මිශ්‍රණයක් රත් කිරීමට භාවිතා කරන ලද භාජන 40 ක් පමණ අඩංගු ඒකක ගනනාවක් ඔවුන් විසින් සොයාගෙන තිබේ.

මෙහි මහා පරිමානයෙන් බියර් නිපදවන ලදැයි විශ්වාස කරන අතර වරකට ලීටර් 22,400 ක් පමන නිපදවන්නට ඇතැයි ගනනය කර තිබේ. ඊජිප්තු රජවරුන්ගේ රාජකිය චාරිත්‍ර වාරිත්‍ර සඳහා සහ පූජා සඳහා මෙම බීර යොදාගත් බවට සාක්ෂි හමුවී ඇත.

අබිඩෝස්, පුරණ ඊජිප්තුවේ පැරණිතම නගර වලින් එකක් වන අතර එහි විශාල සුසාන භූමි හා පන්සල් ද ඇත.

පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම මත්පැන් නිශ්පාදනාගාරය නර්මර් රජුගේ යුගය දක්වා දිවයන බවයි.

නර්මර් රජු මීට වසර 5,000කට පමණ පෙර ඊජිප්තුව පාලනය කළේය. ඔහු රාජ වංශයේ ආරම්භකයා ලෙස සැලකෙන අතර ඊජ්තුව එක්සත් කල බව සඳහන් වේ.

(බීබීසී ඇසුරිණි)

085



අදහස් (4)

වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් ඊජිප්තුවෙන් සොයාගනී

vidya Tuesday, 16 February 2021 02:33 AM

බියර් බොන්නේ නැතිව කොහොමද ඔච්චර බර ගල් උස්සගෙන ගිහින් පිරමීඩ හැදුවේ...?

:       1       2

kamalTuesday, 16 February 2021 07:31 AM

නැතුව , නැතුව බියර් බීලා තමයි.

:       1       3

senaTuesday, 16 February 2021 09:00 AM

එහෙනම් අපේ කට්ටිය ඊටත් වැඩියෙන් සැර දේවල් බීලා කොච්චර ලොකු ගල් පෙරළන්න ඕනේද?

:       0       3

සරත් පර්ත් Wednesday, 17 February 2021 01:31 AM

බීලා තමයි ගල් පැලෙන බොරු කියන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site