ලිබියාවේ ට්‍රිපෝලි අගනුවරදී ප්‍රතිවාදී කණ්ඩායම් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගත් බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලිබියාවේ ගැටුම් නැවැත්වීම සඳහා දීර්ඝකාලීන සටන් විරාමයක් අවශ්‍ය බව කියමින් යෝජනාවක් ඉදිරිපත් කර දිනකට පසු මෙලෙස ගැටුම් උත්සන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා ජාතික සම්මුති ආණ්ඩුවේ බළකා සහ හමුදා ජෙනරාල්වරයකු වන කලීෆා හෆ්තාර්ගේ සටන්කාමීන් අතර ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර මෙලෙස ගැටුම් ඇති වී තිබේ. ට්‍රිපෝලි අගනුවර දකුණු දිග ප්‍රදේශයේ මෙලෙස ගැටුම් ඇති වී තිබෙන අගනුවර දැනට ක්‍රියාත්මක වන එකම ගුවන් තොටුපොළ වන ‘මිටිගා’ ගුවන් තොටුපොළට ද ප්‍රහාර එල්ල වී තිබේ.
ප්‍රහාර එල්ල වීමත් සමඟ ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දැමීමට බලධාරිහු පියවර ගත්හ.
අවට නිවාසවලට ද රොකට් ප්‍රහාර එල්ල වී තිබෙන අතර එම ප්‍රහාරවලින් කාන්තවක මරුමුවට පත්වූ අතර තවත් සිවිල් වැසියෝ සිවුදෙනෙක් තුවාල ලැබූහ.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd