මෙක්සිකෝවේ මෙහෙයුම් කටයතු සඳහා සහභාගී වෙමින් සිටි මිලිටරි හෙලිකොප්ටරයක් මධ්‍යම ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් හයදෙනකු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ නාවික හමුදාවේ කාර්ය මණ්ඩලයේ පස්දෙනකු සහ වනජීවී පරීක්ෂකවරයෙකි.
මධ්‍යම ප්‍රාන්තය වන ක්වෙරෙන්ටාරෝහි ලැව් ගින්නක් නිවීමට යෑමේදී යානය අනතුරට පත්වී ඇතැයි නාවික හමුදාව පවසයි.
අනතුරට හේතුව අනාවරණය වී නොමැත.
අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් සෙවුම් කටයුතු වලට බාධා එල්ල වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd