IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බංගලාදේශයේ බෝට්ටු අනතුරකින් 30 ක් මරුට

බංගලාදේශයේ ඩකා අගනුවර බෝට්ටු දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින්  පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් තවත් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

බංගලාදේශයේ විශාලම වරාය පිහිටා ඇති බුරිගංගා ගංඟාවේ දී  මෙම අනතුර සිදු වී ඇත.  

අනතුරින් මියගිය පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු, කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ 50ක පමණ පිරිසක් යාත්‍රාවේ ගමන් කර ඇති අතර නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදු වී ඇති බව බලධාරීහු පවසති.

කිමිදුම්කරුවෝ අඩි 40-50 ගැඹුරු ජලයේ සුන්බුන් අතර අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්වල නිරත වෙති.


අල්ජසීරා ඇසුරෙනි

226



අදහස් (0)

බංගලාදේශයේ බෝට්ටු අනතුරකින් 30 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site