ප්‍රංශයේ පැරිස් නුවරට ආසන්නයේ පිහිටි වර්සෙයිල්ස් නගරයේ විදියකදී පුද්ගලයකු ඒල්ල කළ පිහි ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් ඒක් අයෙකු තුවාල ලබා තිබේ.ප්‍රහාරය ඒල්ල කළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරට ලක්ව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනකු වන අතර ඔවුන් මව සහ දියණිය ලෙස හඳුනාගෙන ඇත.
"අල්ලාහු අක්බර්" යනුවෙන් කෑ ගසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් හැසිරුණු ප්‍රහාරකයාට පොලිසිය වෙඩි තබා ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. ඉස්ලාම් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇතැයි පැවසේ.
(බිබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd