IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇරඹේ

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී අද (2) ආරම්භ විය.

25 වැනි වරට පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව හෙවත් ‘දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව’, ‘කොප්25’ යනුවෙන් නම් කර තිබේ.

අද (2) සිට දෙසැම්බර් (13) වැනිදා දක්වා සති දෙකක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත මෙම සමුළුවට රාජ්‍ය නායකයන් 50 දෙනකු ඇතුළු 29,--000කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මෙම සමුළුව පැවැත්වීමේ බලවත් ඕනෑකම සහ හදිසි අවශ්‍යතාව මීට දින කිහිපයට පෙර පෙන්වා දුන්නේය. දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදය “ආපසු හැරීමට නොහැකි” තැනකට පත්ව ඇතැයි ද හෙතෙම කීය.  

දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීමට “දේශපාලනික වුවමානවක් හා කැමැත්තක් නැති බව”ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පැවැසීය.

වායු විමෝචනය වැඩි වශයෙන් කරන රටවල් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වන බවට ද ඇන්තෝනියෝ ගුටරෙස් චෝදනාත්මක ස්වරයෙන් කීවේය.

රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් මෙවර සමුළුවට පැමිණීමට නියමිතය. මෙවර සමුළුවේදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් ප්‍රඥප්තියේ’ සඳහන් එහෙත් ක්‍රියාවට නැගීමට හා සාකච්ඡාවට ලක් කිරීමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමට ගන්නා වෙළෙඳපොළ පදනම් කරගත් පද්ධතිය සහ මුහුදු මට්ටම ඉහළ යෑමෙන් අවදානමට ලක්ව තිබෙන රටවලට සහන සැලැසීම යන කරුණු ද ඊට අයත් ය.

මෙම සමුළුව මුලින්ම බ්‍රසීලයේ පැවැත්වීමටත් ඉන් අනතුරුව චිලී රාජ්‍යයේ පැවැත්වීමටත් නියමිතව තිබිණි. එහෙත් බ්‍රසීල ජනාධිපතිගේ මැතිවරණයත් සැන්තියාගෝ හි විරෝධතා නිසාත් සැලැසුම් වෙනස් කිරීමට සංවිධායකයන්ට සිදුවිය. ස්පාඤ්ඤය අවසාන මොහොතේදී සමුළුව පැවැත්වීමට එකඟ විය.  

පසුගිය ඉරිදා යුරෝපා සංගමයේ නව තනතුරුවලට පත්වූ නව නායක කණ්ඩායම මෙවර සමුළුවේදී මුල් තැනක් ගනු ඇතැයි පැවසේ. එම කණ්ඩායම යුරෝපා සංගමය තුළ ද දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තිවලට වැඩි ප්‍රමුඛත්වයක් දෙනු ඇතැයි පැවසේ.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ මෙවර සමුළුවට ද ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිසිවකු සහභාගී නොවන බව වාර්තා වේ. කෙසේ නමුත් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි ඇතුළු කොංග්‍රස් මණ්ඩල සභිකයන්ගෙන් සමන්විත 15 දෙනකුගේ කණ්ඩායමක් මැඞ්රිඞ් නුවරට පැමිණීමට නියමිත බව ද වාර්තා විය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය මාසයේදී පැරිස් සම්මුතියෙන් ඉවත් වීමේ වසරක ක්‍රියාවලිය ආරම්භ කළේය. එසේ කළ එකම රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ඒ.එෆ්.පී. සහ රොයිටර්ස් ඇසුරිනි 

055

 



අදහස් (0)

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site