ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබූ 12දෙනකුට වහාම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි නියෝග කර ඇතැයි වාර්තා වේ.
අයිඑස් සංවිධානය විසින් අත්අඩංග්වට ගෙන තිබූ අට දෙනකුගේ සිරුරු බැග්ඩෑඩ් අගනුවරට උතුරින් මාර්ගයක තිබී හමුවීමෙන් පසු ඉරාක රජය මෙම තීරණයට එළඹ තිබේ.
මානව හිමිකම් සංවිධාන මේ පිළිබඳව දැඩි කනස්සල්ල පලකර ඇති අතර ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් අතර විදේශිකයන්ද සිටින බවයි.
කෙසේ වුවද මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇති පුද්ගයන් කවුරුන්ද යන්න සම්බන්දව ඉරාක රජය මෙතෙක් හෙළිකර නොමැත.

(බීබීසීඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ, ඉරාකයේ එහෙම වුණාට ලංකාවේ ත්‍රස්තවාදීන් මිස්ටර්ස්ලා නේද? ඒ අය ත්‍රස්තවාදීන් නොවේ ගරිල්ලා විප්ලවවාදීන්...