එක්සත් අරාබි එමීර්හි ඩුබායි නගරයේ මාර්ගයක ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 17දනෛකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
අනතුරට ලක්වන අවස්ථාවේ රථයේ මගීන් 31දෙනෙකු ගමන් කර ඇති බවත් ඔවුන් විවිධ ජාතීන්ට අයත් අය බවත් පොලිසිය පවසයි.
බලධාරීන් පවසන්නේ මියගිය අය අතර ඉන්දීය ජාතිකයින් අටදෙනකු සිටින බවයි.
රියදුරාද අනතුරින් තුවාල ලබා ඇත.
අනතුරට හේතුව පැහැදිලි නොමැති බවද පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.