IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චන්ද්‍රයාන් 2 යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වෙයි

ඉන්දියාව විසින් පසුගියදා ගුවන්ගත කළ චන්ද්‍රයාන් 2 යානය සඳ වටා කක්ෂගත වූ බව වාර්තා වේ. ඊයේ (20) ඉන්දියානු වේලාවෙන් පෙරවරු 09.02 ට මෙම කක්ෂගතවීම සිදුවී ඇත. 

පසුගිය ජූලි 22 දා ඉන්දියාවේ ශිරාකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් යානය ගුවන්ගත කෙරුණු අතර කිලෝමීටර් 384000ක සාර්ථක ගමනකින් පසු චන්ද්‍රයා වෙත ලඟාවිය.

බලධාරින් පවසන්නේ සැප්තැම්බර් මස 07වන දින යානය චන්ද්‍රයා මතට ගොඩබැස්වීමට සැලසුම් කර ඇති බවයි.

චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවය වෙත යානය ගොඩබස්වන අතර එම ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන ප්‍රථම අවස්ථාව මෙය බව සැලකේ.

චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින ජලය සහ ඛණිජ ලවණ සම්බන්ධව ද භූ කම්පන සම්බන්ධව ද චන්ද්‍රයාන් 2 පර්යේෂණ සිදුකරනු ඇති බව ඉන්දීය විද්‍යාඥයෝ පවසති.

(බීබීසී ඇසුරිනි - 085)

 



අදහස් (7)

චන්ද්‍රයාන් 2 යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වෙයි

shan Thursday, 22 August 2019 01:45 AM

අපිත් එක්කම නිදහස ලැබූ අපේ අසල්වැසියා හඳට යනවා. අපි...?

:       0       98

NuwanThursday, 22 August 2019 06:33 AM

අපි අපේ මෝඩ කසිප්පු පැකට් එකට, ටකරමට, වැසිකිලි පෝච්චියට, රුපියල් 500ට කෑදර ඡන්ද දායකයෝ නිසා වලපල්ලට යනවා..

:       0       83

විජිත් Thursday, 22 August 2019 05:55 PM

ශාන් මල්ලි, හිතට දුකයි, ඒ වගේම ලැජ්ජයි. එත් ඇත්ත තිත්තයි කියනවානේ. අපිට ඔයිටත් වඩා දේවල් කරන්න තිබුනා. නමුත් අපේ රටේ ජනයාගේ සියලුදෙනාගේම නොවෙයි එත් බහුතරයකගේ තිබෙන පහත්, අදුරදර්ශී ආකල්ප නිසා තමයි මේ දෙය අපිට වුනේ. ඉන්දියන් ජනගහනය බිලියන 1.3 විතර. ඇති නැති පරතරය විශාලයි. රටේ භාෂා 25 කටත් වැඩියි. ආගම්. අනේ මන්දන්නේ නැහැ 100 කටත් වැඩියි.. දුප්පත්කම හැම පැත්තකින්ම. එත් ඒ මිනිස්සු තමන්ගේ රටට හරිම ආදරෙයි. මහන්සිවෙලා ඉගෙන ගන්නේ. ඒ අයගේ පොත් හදලා තියෙන්නේ බාලම බාල ඒ රටේ නිපදවන කඩදාසි වලින්. ඒ වගේමයි ඒ අය ස්වයං පෝෂිතයි. ඒ අයගේ පළමුවන න්‍යෂ්ටික බෝම්බය හදපු වෙලේ ඇමෙරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන් ඉන්දියාවට විරුද්ධව සම්බාධක පැනවුවා. ඒ අයට කිසිම අගහිඟයක් ඇතිවුනේ නැහැ. අව්රුද්දක පස්සේ ඇමෙරිකාව ලැජ්ජාවෙන් සම්බාධක ඉවත් කළා. අපිට සම්බාධක දැම්මොත් එහෙම ....?

:       0       110

නයනක්කාරFriday, 23 August 2019 08:24 AM

ගෙදර අතුගාන කොස්සත් පිටරටින් ගෙන්වන අපි, මිනිරන්, ලෑලි, රබර් තියෙන රටේ පැන්සල, මකන කෑලි පවා පිටරටින්. බුද්ධදාස රජුගේ කාලයේ ඇතුළු ආදිමත් කාලයේ ලෝකයේම හොඳම සෞඛ්‍ය සේවාව තිබූ රටේ සෞඛ්‍ය ඇමතිත් ප්‍රතිකාර ගන්නේත් පිටරටින්...

:       0       226

vidya Friday, 23 August 2019 02:07 AM

ඉන්දියාවේ නායකයන් බුද්ධිමත්... හොරු, නොසන්ඩාලයෝ නෙමෙයි. අපේ අවාසනාවට අපි තවම නූතන ලෝකයේ යාචකයින්. උගත්, බුද්ධිමත් මිනිසුන්ට තැනක් නැහැ...

:       0       2

නයනක්කාරFriday, 23 August 2019 10:37 AM

ඒ වගේම ලංකාවේ නායකයින්ගෙන් භාගයක් බුද්ධිමත් හොරු...

:       0       1

mahinda Saturday, 24 August 2019 01:44 AM

පුතා හඳට ගියානේ කලින්ම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site