
කොරෝනා වයිරසය තරුණ තරුණියන්ගෙන් පැතිර යෑමේ වැඩි අවදානමක් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
පසුගිය දිනවල රටවල් කිහිපයකින්ම වයිරසයේ දෙවැනි රැල්ලක අවදානමක් දක්නට ලැබුණු බවත් රටවල් රැසක වයිරසය නැවත පැතිර ගොස් තිබෙන්නේ තරුණ ප්‍රජාවගෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
තරුණ ප්‍රජාව වයිරසයෙන් ආරක්ෂා වීමේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අත්හරිමින් සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
“තරුණ ප්‍රජාව සුවිශේෂී හෝ අනභීභවනීය පිරිසක් නෙමෙයි” විඩියෝ තාක්ෂණය ඔස්සේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ (30) පැවැති මාධ්‍ය හමුව අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඒ බව කීය.
“තරුණ ප්‍රජාවට මේ වයිරසයේ අවදානම ගැන ඒත්තු ගැන්වීම විශාල අභියෝගයක් වෙලා” තරමක පසුතැවීමක් ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීවේය.
“පසුගිය දින රටවල් රැසකින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වුණා. ඒ රටවල් බොහෝමයක වයිරසය පැතිර ගොස් තිබෙන්නේ තරුණ ප්‍රජාවගෙන්. තරුණ ප්‍රජාව වයිරසයෙන් ආරක්ෂා වීමටත් වයිරසය පැතිර යෑම වැළැක්වීමටත් ගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග නොසලකා හැරලා” වෛද්‍ය ටෙඩ්‍ර්‍රෝස් අදනොම් කීය.
විශේෂයෙන්ම රාත්‍රී සමාජ ශාලා වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කටයුතු පිළිබඳ මාරියා වැන් කක්හෝව් ප්‍රකාශ කළාය.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 21
7
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොරෝනා තරුණ පරපුරෙන් පැතිරයාමේ වැඩි අවදානමක්