ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරයේ අධිවේගි මාර්ගයක ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 29 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

අද (8) උදෑසන සිදුව ඇති මෙම අනතුරින් තුවාල වූ 20 දෙනකු පමණ රෝහල් ගතකළ බව පොලිසිය පවසයි.

බස් රථයේ 50ක පමණ පිරිසක් ගමන්කර ඇති බවත් රියදුරාට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සඳහන් වේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථය ලක්නව් සිට ඉන්දියාවේ අගනුවර වන දිල්ලි බලා ගමන් කරමින් සිට ඇත.

ඉන්දියාවේ මාර්ග අනතුරු සුලභව සිදුවන අතර වාර්තා සඳහන් කරන්නේ සෑම මිනිත්තු හතරකටම වරක් රිය අනතුරක් සිදුවන බවයි.

(බීබීසී ඇසුරිණි - 085)