ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ස්වදේශිකයින් සඳහා අමාත්‍යවරයකු පත්කර ඇත.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ කෙම් වයට් නම් ආදිවාසික මන්ත්‍රීවරයාට මෙම අමාත්‍යධූරය ලැබී ඇති බව සඳහන් වේ.
මෙය ඓතිහාසික පත්වීමක් බවත් 66හැවිරිදි කොන්සර්වේටිව් පාක්ෂික වයට්ගේ පත්වීම සම්බන්ධව බොහෝ ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ප්‍රීතිය පලකරමින් සිටින බවත් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මැයි 18 වැනිදා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා විසින් මෙම පත්විම සිදුකර ඇත.
කෙසේවුවද ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයින්ට ඇති පිළිගැනීම හා ඔවුන්ට අසමානව සැළකීම සම්බන්ධව බොහෝ වාද විවාද පවතී.
කෙන් වයට් කැන්ගරු සමකින් සකස් කළ කබායක් පැළඳ සිය ප්‍රථම පාර්ලිමේන්තු කථාව සිදුකළ බව සඳහන් වේ.
වයට් ප්‍රාථමික පාසල් ගුරුවරයකු වශයෙන් ද මහජන සෞඛ්‍ය නිලධාරියකු වශයෙන් ද සේවය කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් මේක කොරොත් හොඳය. අපිට කතාකරන්න කවුරුත් නෑ නේ .
ඇත්තටම අපිට වන්නියල ඇත්තන් ව හරි පාර්ලිමේන්තු යවල ඇමතිකමක් දුන්න නම් කතා කරන්න කෙනෙක් කියල ඉඳියි .නැත්තම් රට ඉඳි මල්ලටයි ,වෙන වෙනත් පඳුරු පාක්කුඩම් වලට රටේ නීතියට ෂරියා නීතියත් දාල ,සිංහලයින් දිහා අන්වීක්ෂ වලින් බලන කළු සුද්දෝ ටිකක් නේ අපි පත් කරලා තියෙන්නේ .මෝඩි ගේ අලුත් කතාවෙන් ඉගෙන ගන්න.
අනේ අපේ වැදී ජනතාවත් වෙනුවෙන් කෙනෙක් පත් කරන්න