‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත තරුණ තරුණියන්ට සුදුසු නොවන බව යුරෝපා ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ.
එන්නත තරුණ තරුණියන්ට නුසුදුසු බව යුරෝපා ඖෂධ පාලන අධිකාරිය තීරණය කළේ එන්නත ලබා ගන්නා ඇතැමුන්ගේ රුධිරය කැටි ගැසී මරණ සිදුවී ඇති බැවිනි.
“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීමෙන් පසු මොළයේ ලේ කැටි ගැසීම් ඇතිවෙනවා. වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය සැලකෙන්නේ ‘වෙනුස් සයිනස් ත්‍රොම්බෝසිස්’ යනුවෙන්. මේක ඉතාමත් දුර්ලභ තත්ත්වයක්. ඒත් අප කළ විමර්ශනවලින් පැහැදිලි වී තිබෙනවා, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාගෙන මියගිය බොහෝ දෙනකු මෙම තත්ත්වයට ගොදුරු වුණු බව. ඒ නිසා අප තරුණ තරුණියන්ට එන්නත සුදුසු යැයි අනුමත කරන්නේ නැහැ. ඔවුන්ට විකල්පයක් ලෙස වෙනත් එන්නතක් ලබා ගන්න පුළුවන්.’ යැයි ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
යුරෝපා රටවල මිලියන 34 කට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා දී ඇති බවත්, මොළයේ රුධිර කැටි ඇතිවීමෙන්, යුරෝපා රටවල 169 දෙනකු මියගොස් ඇති බවත් ඒ හා සමාන පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා දිවි බේරාගෙන ඇති බවත් ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ පවසා තිබේ.
විමර්ශනවලින් පසු ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ නිකුත් කළ එම වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත මින් ඉදිරියට තරුණ තරුණියන්ට ලබා දෙන්නේ නැතැයි පළමුවෙන් තීරණය කළේ මහා බ්‍රිතාන්‍යයයි.
මේ වනවිට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගත් බි්‍රතාන්‍ය වැසියන් 79 දෙනකු රුධිර කැටි ඇතිවී රෝහල්ගත කෙරුණු අතර එයින් 19 දෙනකු මියගොස් තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ආපු ඇස්ට්‍රා සෙනෙකා එන්නත දේශපාලකයින්ගේ පවුල්වල පොඩි අයටත් විදගෙන තියෙනවා. සමහර පොඩි අය එයාලගේ පන්තිබාර ගුරුවරුන්ට මේක උජාරුවෙන් කියලා තිබුණා.. දැන් පස්ස රත්වෙලා ඇති. අනේ මේ එන්නතෙන්වත් ඔය තාත්තාගෙන් පුතාට මාරුවන මහජන නියෝජිතකම රටේ ඇත්තම මහජන නියෝජිතයකුට යනවා නම්.. ඔන්න එහෙම වුණොත් නම් දෙවියෝ රටේ පොදු ජනතාවට අනුකම්පාවෙන් එවපු එන්නතක් වෙනවා මේක..