
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) 200,000 ඉක්මවා ගියේය.
ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් මෙන්ම වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 6.8 ඉක්මවයි.
මෙලෙස වයිරස ආසාදිත මරණ ගණන දෙලක්ෂය ඉක්මවා වාර්තා වෙද්දි ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජනපදවලින් විශේෂයෙන් උතුරු ඩකෝටාව සහ උටා යන ජනපදවලින් වාර්තා ගත අන්දමින් ශීඝ්‍රයෙන් වයිරස ආසාදිතයන් හඳුනාගැනෙමින් තිබේ.
වයිරස ආසාදිත මරණ ගණන 100,000ත් 200,000ත් අතර අගයක පවත්වා ගැනීමට හැකි වුවහොත් එය යහපත් මට්ටමක් යැයි ද ඇමෙරිකාව වයිරසය පාලනය කිරීම සඳහා ඉතා හොඳ කාර්යභාරයක් ඉටු කිරීම තහවුරු වන්නේ යැයි ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී කීය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පෙබරවාරි මාසයේදී වාර්තා වූ වයිරස ආසාදිතයන් ගණන 15ක් වූ අතර දින කිහිපයකින් ආසාදිතයන් ගණන බිංදුවක් වන්නේ යැයි ට්‍රම්ප් ඒ මාසයේදී කීය.
ඇමෙරිකාවෙන් අද (22) රාත්‍රී 11 පමණ වනවිට වාර්තා වූ සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 200,005ක් විය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නව කොරෝනා වයිරසය ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තේ ය. එම මුල්වරට හඳුනාගැනුණේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මුල්වරට වයිරස ආසාදිතයකු හඳුනාගැනුණේ ඉකුත් ජනවාරි මාසයේ දී ය.
ට්‍රම්ප් පරිපාලනය වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට පියවර නොගත් බවට විවිධ පාර්ශවවලින් දිගින් දිගටම චෝදනා එල්ල විය.
‘‘පසුගිය මාස හයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බොරු සහ අසාර්ථකත්වය නිසා අපි ඉතිහාසයේ දැකපු විශාලතම ඇමෙරිකානු ජීවිත හානිය දැක්කා’’ යැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ පැවැසීය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි