IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකය ගැන ජී-20 සමුළුවේ වැඩි අවධානයක්

ජී-20 සමුළුවේ පළමු දිනයේදී ලෝකය මුහුණ දෙන ප්‍රධාන ආර්ථික සහ මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.

එමෙන්ම දේශගුණික විපර්යාස කෙරෙහි ද මෙහිදි වැඩි අවධානයක් යොමු වූ අතර ඉරානය සම්බන්ධයෙන් ඇති වී තිබෙන නොසන්සුන්තාව කෙරෙහි ද ජී-20 ලෝක නායකයන්ගේ අවධානය යොමු විය. 

ගෝලීය ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 85% කට හිමිකම් කියන ජී-20 කණ්ඩායමේ රටවල් ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට හිමිකම් කියයි.

 ‘ජී-20’ හෙවත් ‘20 දෙනාගේ කණ්ඩායම’ ට ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 19 ක රාජ්‍ය නායකයන්, මහ බැංකු  අධිපතිවරුන් සහ යුරෝපා සංගමය ඇතුළත්ය.

ඊට අමතරව මෙවර සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මුණ ගැසෙන්නේ කවුදැයි කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වී තිබේ.

ඔසාකාහි පැවැත්වෙන සමුළුවට ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මාර්සි, ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සරානෝ, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, චීන ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්, ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ, ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්, මෙක්සිකෝව වෙනුවෙන් එරට විදේශ ඇමැති මාසෙලෝ එඞ්රාඩ්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්ෆෝසා, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් නව අගමැතිවරයකු පත්වන තෙක් ධුරයේ කටයුතු කරන අගමැතිනී තෙරේසා මේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුවට සහභාගී වෙති. 

ජපාන අගමැති ෂෙන්සෝ අබේ ද සමුළුවට සහභාගී වෙයි. මෙවර සමුළුවේ සත්කාරකරු ජපානය හෙයින්, සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද ජපාන අගමැති අබේ විසිනි. ඊට අමතරව යුරෝපා සංගමය වෙනුවෙන් එහි සභාපති ජෝන් ක්ලෝද් ජන්කර් සමුළුවට සහභාගී වෙයි.

මෙවර ‘ජී-20’ සමුළුවේදී ප්‍රධාන තේමාව වන්නේ ‘මානුෂීයමය අනාගත සමාජයක් ගොඩනැගීම’ යන්නය.

ආයෝජන කටයුතු, නව්‍යකරණය, ත්‍රස්තවාදය පිටුදැකීම, පරිසරය සහ බලශක්ති පිළිබඳ කටයුතු, සංවර්ධනය, කාන්තාවන් වෙනුවෙන් වැඩි තැනක් දීම සහ සෞඛ්‍ය යනාදී මාතෘකා සම්බන්ධයෙන් ද මෙවර සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර තිබිණි.

  
ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි

(055)

 



අදහස් (0)

ආර්ථිකය ගැන ජී-20 සමුළුවේ වැඩි අවධානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site