IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීදේවිගේ දේහයට ඥාතීන්ට බාර දෙයි

බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හැඳින්වෙන ශ්‍රීදේවි කපූර්ගේ දේහය ඩුබායි බලධාරීන්  අද (27) පස්වරුවේ ඥාතීන්ට බාර දී තිබේ.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි මියගිය ශ්‍රීදේවි කපූර්ගේ දේහය  සඳුඳා ඊයේ (26) ඉන්දියාවට රැගෙන ඒමට නියමිතව තිබුණත් මරණ පරීක්ෂණය හා ඉන් පසු කෙරුණු තවත් පරීක්ෂණ කිහිපයක් හේතුවෙන් දේහය ඥාතීන්ට බාරදීම ප්‍රමාද කිරීමට ඩුබායි බලධාරීහූ කටයුතු කළහ. 
 
පසුව ඩුබායි පොලිසිය දේහය නිදහස් කිරීමේ ලියකියවිලි ශ්‍රීදේවි කපූර්ගේ ඥාතීන්ට ලබාදුන් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. දේහය එම්බාම් කිරීමේ කටයුතු සඳහා බාරදීමට ඥාතීන්ට හැකියාව ඇතැයි ද එම ට්විටර් පණිවිඩයේ දැක්විණි. 
 
බොලිවුඞ් නිළි රැජිණ හෘදයාබාධයකින් මියගිය බව වාර්තා වූයේ ඉකුත් සෙනසුරාදා (24) අළුයම් කාලයේදීය. ඇය නානකාමරයේ ‘බාත් එකේ’ අහම්බයෙන් ගිලී මියගිය බව මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය. ඇය මියගිය අවස්ථාවේදී සිරුරේ මත්පැන් ස්වල්ප ප්‍රමාණයක් තිබූ බව ද මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඩුබායි පුවත් සේවා වාර්තා කර තිබිණි. 
 
මරණ පරීක්ෂණය, පොලිස් වාර්තාව සහ අනෙකුත් වාර්තා සලකා බලමින් ඉදිරි පරීක්ෂණ කෙරෙන බව ද ඩුබායි පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ගල්ෆ් නිවුස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි. 
ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය ඇයගේ ස්වාමිපුරුෂයා වන බොනී කපූර්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර හෝටල් සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇති බව ද වාර්තා විය. 

055



අදහස් (2)

ශ්‍රීදේවිගේ දේහයට ඥාතීන්ට බාර දෙයි

sumithra, dharmasena! Wednesday, 28 February 2018 08:17 AM

කිසිම විටෙක මත්‍ පැනට ලොල් නොවන්න, ඔබ දන්නේ නැහැ ඔබට මොනවද වෙන්නේ කියා. පිරිහීමේ ලක්ෂණයයි.

:       0       1

Rohana Thursday, 01 March 2018 08:58 AM

ශ්‍රී දේවිගේ විපත ගැන කණගාටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 872 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 99 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 57 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 241 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 146 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 130 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site