IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රෝහින්ග්‍යා දරුවෝ තනියෙන් බංග්ලාදේශයට

රෝහින්ග්‍යා අර්බුදය තව තවත් උග්‍ර කරමින් කුඩා දරුවන් තනිවම බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මියන්මාර රජයේ හමුදා එල්ල කරන ප්‍රහාර හමුවේ රෝහින්ග්‍ය ජාතිකයන් බංග්ලාදේශයට පලා යමින් සිටින අතර ඒ අතර කුඩා දරුවෝ ද වෙති. කුඩා දරුවන් තනි තනිවම බංග්ලාදේශ දේශසීමාවට ඇවිද යන බවත් වාර්තා වේ.
රෝහින්ග්‍යා ජාතිකයන් අතර සිටින සටන්කාමී කණ්ඩායම් අගෝස්තු 25 වැනිදා මියන්මාර රජයේ හමුදාවලට සහ පොලිස් මුරපොළට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි විය.
 
තනිව බංග්ලාදේශ දේශසීමාව පසු කරන දරුවන් ලිංගික අපයෝජන හා මිනිස් ජාවාරම්වලට ගොදුරු වීමේ අවදානම වැඩි යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. යුන්සෙෆ් සංවිධානයට අනුව අගෝස්තු 25 වැනිදා සිට ගත වූ කාලයේදී රෝහින්ග්‍යා දරුවන් දහසකට වැඩි පිරිසක් බටහිර මියන්මාරයෙන් පලාවිත් තිබේ. ඔවුන් තනිවම බංග්ලාදේශයට පැමිණි ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි.
 
මියන්මාර රජයේ හමුදා සහ බෞද්ධාගමික කණ්ඩායම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවට රෝහින්ග්‍යාවරු පවසති. එම චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර රජය ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුත්තේ සුළු ජාතික ජන කොටසක් වන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යැයි ප්‍රකාශ කරයි.  
රෝහින්ග්‍ය මුස්ලිම්වරුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදීද වැඩි අවධානයක් යොමු විය. රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව කරන ප්‍රචණ්ඩ ක්‍රියා වාර්ගික සුද්ධයක්ක යැයි සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් පැවැසීය.
 
අගෝස්තු 25 වැනිදා සිට මේ දක්වා ගත වූ කාලයේදී බංග්ලාදේශයට පැමිණ ඇති රෝහින්ග්‍යාවරුන්ගේ සංඛ්‍යාව 370,000 ඉක්මවන බව කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන් අඩකට වඩා වැඩි පිරිසක් බාල වයස්කරුවන් යැයි ද සඳහන් කරයි.
 
සැප්තැම්බර් මස මුලදී පමණක් බංග්ලාදේශයට පැමිණ තිබෙන රෝහින්ග්‍යාවරුන්ගේ සංඛ්‍යාව 128,000ක් බවත් එයින් සියයට 60කට වැඩි පිරිසක් දරුවන් බවත එම සංවිධාන වාර්තා පෙන්වාදෙයි. ඒ අතර වයස අවුරුදු එකට දරුවන් 12,000ක සිටින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
ඒ.එෆ්.පී  055



අදහස් (1)

රෝහින්ග්‍යා දරුවෝ තනියෙන් බංග්ලාදේශයට

menu Friday, 15 September 2017 07:52 AM

ඇත්තටම මුස්ලිම් මිනිස්සු උත්සාහ කරන්නේ අසරණ විදියට බෞද්ධ රටවල් වලට ඇතුළු වී හෙමිහිට විප්ලව කර රටවල් අල්ලා ගැනීමයි. යුරෝපය මුස්ලිම් අල්ල ගෙන ඉවරයි. නමුත් පාලකයන් සුව නින්දේ. කවදා හරි රුසියාව, චීනය, ජපානය විතරයි... අනෙක් රටවල් බේර ගන්නේ. මම නම් ඔන් සංග් සුකී ගැන වැරැද්දක් දකින්නේ නැහැ. ඇය දුර දිග දැකලා ගත් තීරණයක්. එය අගයමි.

:       1322       2497

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1488 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 232 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 86 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site