IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාකිස්තාන හමුදාවට පුළුල් අධිකරණ බලතල

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

පාකිස්තාන හමුදාවට පුළුල් අධිකරණ බලතල ලබාදීමට එරට මැතිවරණ අධිකාරිය තීරණය කර ඇත.

පාකිස්තාන ආරක්ෂක අංශවෙත එලෙස පුළුල් අධිකරණ බලතල ලබාදීම එරට දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානයට යොමු වී තිබේ. පාකිස්තාන හමුදාව යනු එරට බලවත් ඒකකයක් වන අතර ලබන සතියේ පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ඡන්ද මධ්‍යස්ථානවලදී කටයුතුවලදී ක්‍රියාත්මක වීම සඳහා මෙලෙස හමුදාවට අධිකරණ බලතල ලබා දී තිබේ. 

පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය පාර්ශ්ව දෙකක සටනක් බවට පත්ව තිබෙන අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ මේ වනවිට සිරගත වී සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ් එම පාර්ශ්ව දෙක වී තිබේ.

ඉම්රාන් ඛාන්ට පාකිස්තාන ආරක්ෂක අංශවල සහාය හිමිවන නවස් ෂරීෆ් චෝදනා කරයි. නවාස් ෂරීෆ් අපරාධකරුවකු යැයි ද ඔහුට කිසිවකුගේ සහාය හිමි නොවිය යුතු යැයි ද එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉම්රාන් ඛාන් අවධාරණය කරයි. 

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 371,000ක් යෙදවීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙන අතර එය 2013 වසරේ පැවැති මහ මැතිවරණයේදී ආරක්ෂාව සඳහා යෙද වූ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකි. 

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන මැතිවරණ කොමිසම එරට නීතිය අනුව සොල්දාදුවන්ට ‘මහේස්ත්‍රාත්’ බලය ලබා දී තිබෙන අතර ඒ අනුව මැතිවරණ නීති කඩකරන පුද්ගලයන් එම අවස්ථාවේදී චෝදනා විභාග කර අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයන්ට අවසර හිමි වේ. 

055



අදහස් (1)

පාකිස්තාන හමුදාවට පුළුල් අධිකරණ බලතල

kumar (Gulf) Friday, 20 July 2018 05:46 PM

ලංකාවෙත් හොර දුෂණ බල මඩින්නනම් අපේ හමුදාවටත් මේ වගේ බලතල දෙන්න ඕනා.

:       0       113

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1502 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 235 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 87 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site