එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට අරමුදල් ලබාදීම නවතා දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එම ආයතනය සියලු බලාපොරොත්තු සුන් කර ඇතැයි චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය එලෙස අරමුදල් සැපයිම නවතා දැමීමට තීරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනය, එක්සත් ජාතීන්ගේ සහන සහ සේවා ආයතනය (යු.එන්.ආර්.ඩබ්.ඒ) යන නිල නාමයෙන් හඳුන්වයි.
එක්සත් ජාතීන්ගේ සහන සහ සේවා ආයතනය (යු.එන්.ආර්.ඩබ්.ඒ) සියලු බලාපොරොත්තු සුන් කර ඇතැයි ඉහත තීරණය නිවේදනය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කළ බවත් මින් ඉදිරියට එයට කිසිදු අරමුදලක් නොදීමට තීරණය කළ බවත් අදාළ තීරණය දැනුම් දෙමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන හෙදර් නොර්ට් සඳහන් කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති එම තීරණය තම ජනතාවට එල්ල කරන ලද ප්‍රහාරයක් යැයි පලස්තීන ජනාධිපති මහම්මූද් අබ්බාස් ප්‍රකාශ කර ඇතැයි ඔහුගේ ප්‍රකාශකයෙක් පැවැසීය.
“මැද පෙරදිග කලාපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට කිසිදු කාර්යභාරයක් නැහැ. මෙම දඬුවමෙන් ඒ කරුණ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගෙන තිබෙන තීරණය අර්බුදවලට විසඳුමක් නෙමෙයි” ජනාධිපති අබ්බාස්ගේ ප්‍රකාශක නබීල් අබු රුඩීන් ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති මෙම තීරණය එක්සත් ජාතීන්ගේ යෝජනා නොසලකා හැරීමක් යැයි ද ඔහු සඳහන් කළේය.
ට්විටර් පණිවුඩ පෙළෙක්ම නිකුත් කරමින් යු.එන්.ආර්.ඩබ්.ඒ ප්‍රකාශකයකු වන ක්‍රිස් ගනස් තම ආයතනය වෙනුවෙන් පෙනි සිටියේය.
“ යු.එන්.ආර්.ඩබ්.ඒ හි පාසල් , සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ හදිසි සහන සේවා වැඩසටහන්වලට එල්ල වන චෝදනා අපි හැකි සෑම ආකාරයකින්ම ප්‍රතික්ෂේප කරනවා. අප බලාපොරොත්තු සුන් කර ඇතැයි නගන චෝදනා කිසිසේත්ම සත්‍යයක් නොවේ. අපිඑය හැකි ප්‍රබලම ආකාරයෙන් ප්‍රතික්ෂේප කරනවා” ඔහු සඳහන් කළේය.
- 055
බී.බී.සී ඇසුරිනි
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පලස්තීන සරණාගත ආයතනයට අරමුදල් ලබාදීම නවතා දැමීමට පියවර